දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සංස්කෘතික ති‍්‍රකෝණය, ආර්ථික ති‍්‍රකෝණයක් කරයි
Homeප්‍රවෘත්ති

සංස්කෘතික ති‍්‍රකෝණය, ආර්ථික ති‍්‍රකෝණයක් කරයි

PropellerAds

ඩුබායි හා සිංගප්පූරුව අතර තියෙන කේන්ද්‍රස්ථානය බවට රට ගොඩනගන වැඩපිළිවෙල මේවන විට ආරම්භ කරලා තිබෙන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පා...

කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් සිදු විය හැකි මරණ සංඛ්‍යාව ඉහළ යා හැකියි - රජයේ වෛද්‍යය නිලධාරින්ගේ සංගමය
PCR යන්ත්‍රයක් අක්‍රියයි..පරීක්ෂණ 20,000ක ප්‍රතිපල ප්‍රමාදයි..යන්ත්‍රය ගෙන්වීමත් මගඩියක් !
මං 20ට ඡන්දෙ දුන්නේ සජිත් දැනුවත්වයි… මහින්ද මගේ යාළුවෙක්.. සැමියා බැසිල්ගෙ හිතවතෙක් - ඩයනා ගමගේ
සංස්කෘතික ති‍්‍රකෝණය, ආර්ථික ති‍්‍රකෝණයක් කරයි

ඩුබායි හා සිංගප්පූරුව අතර තියෙන කේන්ද්‍රස්ථානය බවට රට ගොඩනගන වැඩපිළිවෙල මේවන විට ආරම්භ කරලා තිබෙන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ ජාතික හෙළ උරුමයේ අනුරාධපුර දිසා සමුළුව අමතමිනි.   

ති‍්‍රකුණාමලය, අනුරාධපුරය, පොලොන්නරුව නගර තුනම එකතු කර  ආර්ථික ති‍්‍රකෝණයක් ඇති කරන බවද හෙතෙම සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අද දේශපාලනය වේවා සමාජය වේවා, රාජ්‍ය සේවය වේවා, කුසලතාවයට ඉඩක් නැහැ. දේශපාලන පන්දමෙන් රැකියාව ලබාගෙන, දේශපාලන පන්දමෙන් උසස්වීම ලබාගෙන, එහෙම නැත්නම් නිකං හිටියත් වයසට යනකොට නිකම්ම උසස්වීම් ලැබෙන ක‍්‍රමවේදයක් තමයි මේ රටේ තිබෙන්නේ. නෑ හිත මිත‍්‍රයින්ට, ගජ මිතුරන්ට මැති ඇමතිධූර, නිලධාරීධූර බෙදෙන ක‍්‍රමයක් පාක්‍ෂිකයින්ට තියෙන්නේ නේද? ඒ වෙනුවට කුසලතාවය මෙතනට ගේන්න ඕනේ. කුසලතාවය මුල් කරගෙන මේ කටයුත්ත කරන්න අපි ආදර්ශය දෙන්න  ඕනේ. 

මේ රටේ අපි මේවා කතා කරන්නේ හුදු ඔය රතු සහෝදරවරු වගේ නිකං විවේචන නෙමෙයි, මේ රටේ මතකද ලංකා විදුලි බල මණ්ඩලය තිබිච්ච තැන දෙදහස් දහයේ. 24 පැයම ලයිට් දෙන්න බැරුව, රටේ දුෂ්කර ප‍්‍රදේශවලට විදුලිය නැතිව ප‍්‍රකෝටි ගණන් පාඩු වෙවි රට ගිලගන්න බහිරවයෙක් කියලානේ කිව්වේ. අද කවුරුවත් විදුලි බල මණ්ඩලයට එහෙම කියනවාද? දැන් අද මේ අනුරාධපුර දිස්ත‍්‍රික්කේ අපි මිලියන 10000 ක් වියදම් කරලා මේ සෑම ගමකටම විදුලිය දුන්නා. 

මේ රටේ විදුලි බල මණ්ඩලයේ පළවෙනි ඇමති මෛත‍්‍රීපාල සේනානායක මහත්තයා. එතුමාගේ ගෙදරටත් විදුලි බලය දුන්නේ මම ඇමති හැටියට. මේ මුළු රටේ ඒ විදුලි බල විප්ලවයට අපි කළා. යාපනයට විදුලිය දුන්නා. අපට ජාතිවාදීන් කියනවා. යාපනයේ 45% යි මම එනකොට විදුලිය තිබුණේ. අද 100% ක් යාපනයට විදුලිය දුන්නා. පුදු මාතලන් යටත් වෙලා මාස 10ක් ඇතුළත වන්නියේ ජනතාවට විදුලිය දුන්නා. විදුලි බලයට රටටම දුන්නා, විසිහතර පැයම විදුලිය දුන්නා. විදුලබල මණ්ඩලය ලාබ කරලා රටට ආලෝකයක් වෙන තැනක් උනා. අද මේ ආණ්ඩුවෙන් ස්වාධිනව ලංකා විදුලි බල මණ්ඩලය දුවනවා. ගල් අ`ගුරු මාෆියාවක් තිබුණා, ඛණිජ තෙල් මාෆියාවක් තිබුණා. ඒවා ඔක්කොම රාජපක්‍ෂ පවුල එක්ක එකතුවෙලා රට ගසා කෑවේ. ඒවා ඔක්කොම කඩලා දාලා නව යුගයකට අපි ඒ ආයතන ගෙනගියා. තෙල් සංස්ථාව හයමාසයෙන් ඒ තිබිච්ච ටෙන්ඩර් ඔක්කොම විධිමත් කරලා අපි විධිමත් ආයතනයක් බවට පත් කළා. ඒ වගේම මතක තියා ගන්න ඔය හැමෝම තෙල් මිල නග්ගන ඒවා ගැන විතරනේ, ඉතිහාසයේ එක වතාවයි තෙල් මිල අඩු කළේ. කවුද අඩු කළේ. අපි තමයි ඒක අඩු කළේ සහගහන තෙල් බදු අයින් කළේ එදා බලශක්ති ඇමති හැටියට මමයි ගිය 2015 ජනවාරි 26 වෙනිදා. පෙට්රල් අඩුකලා, ඩීසල් අඩු කළා, ඒ වගේම භූමි තෙල් ටික අඩුකරලා රටට සහනය දුන්නා. මහින්ද මහත්තයා කරලා තියෙනවද? ඊට කලින් හිටපු ආණ්ඩු කරලා තියෙනවාද? නෑ. මේ රටේ තෙල් මිල අඩු කරලත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ශක්තිමත් මූල්‍ය ආයතනයක් බවට කරගෙන යන්න අපට පුළුවන් උනා. අපේ ආණ්ඩුව පොරොන්දු උනේ බිලියන 6 ක සහනාධාරයක් දෙනවා කියලා. බිලියන 56 ක සහනාධාරයක් අපි අපේ ජනතාවට ලබා දුන්නා. ඒවා රාජපක්‍ෂ පවුලට හිතවත් කොන්ත‍්‍රාත් කාරයෝ, ඒ වගේම තෙල් සපයන්නෝ කොල්ල කාපු ධනය අපි අපේ ජනතාවට ලබා දුන්නා. ඒ විදිහට අපි මේ ආයතන ගොඩනගලා තියෙනවා. මොකද කුසලතාවයට මුල්තැන දෙමින් තමයි අපි ඒ අමාත්‍යාංශය හැදුවේ.  

ඒ වගේම අපි අනුරාධපුරයට මොනවද කරන්න යන්නේ අපේ අමාත්‍යාංශයෙන්. අපි මේ අනුරාධපුරය උපාය මාර්ගික නගරයක් හැටියට තෝරාගෙන තිබෙනවා. කොළඹ අපි එකම නගර යායක් හැටියට දියුණු කරන වැඩපිළිවෙලක් යන අතරේ, අනුරාධපුරය උපාය මාර්ගික නගරයක් හැටියට තෝරාගෙන තිබෙනවා. එදා අනුරාධපුරයටයි, පොලොන්නරුවටයි මේ ප‍්‍රදේශයට කිව්වේ සංස්කෘතික ති‍්‍රකෝණය කියලා. අපි බලාපොරොත්තු වෙනවා ති‍්‍රකුණාමලය, අනුරාධපුරය, පොලොන්නරුව කියන මේ නගර තුනම එකතු කරන මේ සංස්කෘතික ති‍්‍රකෝණය කියපු එක ආර්ථික ති‍්‍රකෝණයක් කරලා අනාගතයේ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ ජව සම්පන්නම ඉදිරි ගමන හදන ස්ථානය බවට මේක පත් කරන්න. ඒ සඳහා අපි රුපියල් කෝටි හත්සියයකට අධික ප‍්‍රමාණයක් මේ රජය අනුරාධපුර නගර නිර්මාණය වෙනුවෙන් වැය කරනවා. ඒ වගේම අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ තිබෙන සෑම උපනගරයක්ම ඉදිරි අවුරුදු පහ තුළදී මේ යහපාලන රජයෙන් ගොඩනගන්න අපි වැඩපිළිවෙලක් සකස් කරනවා. ගුවන් තොටුපලවල් හදලා මොණරු ඉන්නේ, ගුවන්තොටුපලේ අලි ඉන්නේ, ගිහින් බලන්න හම්බන්තොට පාරවල්වල වී වේලනවා, මුං වේලනවා අධිවේගී පාරවල්වල වාහන නැහැ. වරායක් හදලා තියෙනවා වරායේ නැව් නැහැ. වරාය පාලූවට ගිහිල්ලා. වෙළඳපොළවල් හදලා තියෙනවා. වෙළඳපොලවල් අලි කඩලා. ඉස්පිරිතාල හදලා තියෙනවා දැන් කැලෑවට ගිහිල්ලා ඉස්පිරිතාල. මේවා සහගහන අපරාධ. අපේ සංවර්ධනය එවැනි සංවර්ධනයක් නෙමෙයි. ජනතාවට ආදායම් උපදවන, ජනතාවගේ අතමිට ශක්තිමත් කරන සංවර්ධනයක්. ඒ නිසා ඉදිරි කාලයේදී මේ නගර තුන, ති‍්‍රකුණාමල වරාය ආශ‍්‍රිතව ගොඩනැගෙන නගරය, අනුරාධපුරය මුල්කරගෙන ගොඩනැගෙන ආර්ථික නගරයත්, පොලොන්නරුව මුල් කරගෙන ගොඩනැගෙන ආර්ථික නගරයත් එක්ක මේ සංස්කෘතික ති‍්‍රකෝණය බලගතු ආර්ථික ති‍්‍රකෝණයක් බවට අපි පරිවර්තනය කරන බව ඔබ හැමටම නැවතත් මතක් කරනවා.“ 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සංස්කෘතික ති‍්‍රකෝණය, ආර්ථික ති‍්‍රකෝණයක් කරයි
සංස්කෘතික ති‍්‍රකෝණය, ආර්ථික ති‍්‍රකෝණයක් කරයි
http://ift.tt/2beKqvG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_734.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_734.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy