දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විභාග වංචා කිරීමට ඉඩදුන් විදුහල්පතිට එරෙහිව විශේෂ පරීක්ෂණයක්
Homeප්‍රවෘත්ති

විභාග වංචා කිරීමට ඉඩදුන් විදුහල්පතිට එරෙහිව විශේෂ පරීක්ෂණයක්

PropellerAds

පිටස්තර ප්‍රදේශවල සිසු සිසුවියන් පිරිසකට තම විද්‍යාලයෙන් අ. පො. ස උසස් පෙළ විභාගයේ විද්‍යා විෂය ධාරවට පෙනී සිටීමට අවස්ථාව ලබා දුන් නාත්තන්...

විජයදාස රාජපක්ෂ අද ජනපති කොමිසම හමුවට
"අවුරුද්දට අතිරේක දුම්රිය සේවා 65ක් - ලංගම බස්රථ 1500ක්, පෞද්ගලික බස්රථ 600ක්"
"භික්ෂුවකට සංඝාධිකරණයක් හෝ අපරාධ නීතියක් නැහැ" - තලතා
විභාග වංචා කිරීමට ඉඩදුන් විදුහල්පතිට එරෙහිව විශේෂ පරීක්ෂණයක්

පිටස්තර ප්‍රදේශවල සිසු සිසුවියන් පිරිසකට තම විද්‍යාලයෙන් අ. පො. ස උසස් පෙළ විභාගයේ විද්‍යා විෂය ධාරවට පෙනී සිටීමට අවස්ථාව ලබා දුන් නාත්තන්ඩිය, කොට්ටරාමුල්ල අල් හිජ්රා මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පතිවරයා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබේ.

විභාග කොමසාරිස්වරයා සහ වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් කර ඇති නියෝගයකට අනුව වයඹ පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක සී.එම්.නෂීර් මහතා, හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සද්ධාමංගල සුභසිංහ මහතා සහ නාත්තන්ඩිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක ජුඩ් පෙරේරා යන මහත්වරුන් විසින් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.

නාත්තන්ඩිය ජනාධිපති මහා විද්‍යාලයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ දී කොට්ටරාමුල්ල අල් හිජ්රා මුස්ලිම් මහා විද්‍යාලයේ යැයි පැවසෙන සිසු සිසුවියන් 21 දෙනෙකු විද්‍යා විෂය සදහා පෙනී සිටි බව වාර්තා විය.

එම සිසු සිසුවියන්ගේ හැදුනුම්පත් පරීක්ෂාකරන විට ඔවුන් අතරින් 03දෙනෙකු පුත්තලමේ පදිංචිකරුවන් බවත් සෙසු සිසු සිසුවියන් ගාල්ල, මහනුවර සහ කොළඹ පදිංචිකරුවන් බවටත් අනාවරණය වී තිබේ.

මේ බව දැන ගෙන ඇති දෙමව්පියන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන ලෙස වයඹ පළාත් අධ්‍යාපන ඇමතිවරයාගෙන් ඉල්ලා ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් සහ කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා ද වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

එම සිසු සිසුවියන් කොට්ටරාමුල්ල අල් හිජ්රා මුස්ලිම් මහා විද්‍යාලයට ඇතුළත් කර ගෙන නොමැති නමුත් ඔවුන් පාසලට පැමිණි බවට සහ ඔවුන් පාසලේදී ඇගයීම් සිදුකළ බවටත් වූ සටහන් විද්‍යාලය තුල තිබී විමර්ශණ නිලධාරීන්ට අදාළ විදුහල්පතිවරයා ඉදිරිපත් කොට තිබේ.

නමුත් පාසලට ඇතුළත් නොකළ දරුවන්ගේ නම් නාම ලේඛණයට ඇතුළත් වූයේ කෙසේද යන්න සහ එම දරුවන්ගේ ඇගයීම් පාසල තුළ තිබුනේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද විමර්ශණ කටයුතු සිදු කරන නිලධාරීන්ගේ අවධානයට ලක් වී ඇත.

කොට්ටරාමුල්ල අල් හිජ්රා මුස්ලිම් මහා විද්‍යාලය තුළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විද්‍යා විෂයන් සදහා පන්ති නොපවැත්වෙන විට මෙලෙස සිසු සිසුවියන්ගේ ඇගයීම් සටහන් තිබුනේ කෙසේද යන්න සම්බන්ධයෙන්ද විමර්ශණ නිලධාරීන් විදුහල්පතිවරයාගෙන් විමසා තිබේ.

එයට පිළිතුරු දුන් විදුහල්පතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ තම විද්‍යාලය තුළ උසස් පෙළ පන්ති සදහා විද්‍යා විෂයන් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තමන්ට දැනුම් දී ඇති බවයි.

නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය එවැනි දැනුම් දීමක් සිදු කර ඇති බවක් වයඹ පළාත් අධ්‍යාපන කාර්යාලය, හලාවත කලාප අධ්‍යාපන කාර්යාලය හෝ නාත්තන්ඩිය කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය දැන සිට නොමැත.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ උත්‍තර පත්‍ර ඇගයීම් සිදු කරනු ලබන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගුරුවරුන් වීම නිසා මෙය ජාවාරමක් ලෙස කාලයක් තිස්සේ සිදු කර ඇද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ද ප්‍රදේශවාසීන් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.

එමෙන්ම පිටස්තර ප්‍රදේශ වල පදිංචි සිසු සිසුවියන් පුත්තලම දිස්ත්‍රික්කයෙන් පැමිණ විභාගයට පෙනී සිටීම තුළින් තම දරුවන්ගේ අයිතිවාසිකම් කඩ වන බව පවසමින් තවත් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමටද මේ වන විට සුදානම් වන බව වාර්තා වේ.

මෙම විදුහල්පතිවරයා මීට පෙර සේවය කර ඇති විද්‍යාලයේ ද මේ ආකාරයටම පිටස්තර ප්‍රදේශ වල සිසු සිසුවියන්ට තම පාසලේ දරුවන් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දී ඇති බව ද පැවසේ.

මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ තවත් විභාග මධ්‍යස්ථාන කීපයකම මේ ආකාරයට පිටස්තර ප්‍රදේශ වල සිසු සිසුවියන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින බවද විමර්ශණ කටයුතු කරන නිලධාරීන්ට තොරතුරු ලැබී තිබේ.

පුත්තලම - ජුඩ් සමන්ත

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විභාග වංචා කිරීමට ඉඩදුන් විදුහල්පතිට එරෙහිව විශේෂ පරීක්ෂණයක්
විභාග වංචා කිරීමට ඉඩදුන් විදුහල්පතිට එරෙහිව විශේෂ පරීක්ෂණයක්
http://ift.tt/2aQTANQ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_726.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_726.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy