නාමල් රාජපක්ෂට බ්‍රේක් ඩාන්ස් දාන්න පුළුවන් යැයි හොඳට ඔප්පු කළ බවත් රියැලිටි වැඩසටහනකදී නාමල්ට ඩාන්සින් ස්ටාර් කෙනෙක් වීමට ඒ අනූව හැකියාව ...
නාමල් රාජපක්ෂට බ්‍රේක් ඩාන්ස් දාන්න පුළුවන් යැයි හොඳට ඔප්පු කළ බවත් රියැලිටි වැඩසටහනකදී නාමල්ට ඩාන්සින් ස්ටාර් කෙනෙක් වීමට ඒ අනූව හැකියාව ඇති බවත් මහමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ ශ්‍රීලනිප මූලස්ථානයේ අද(02) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
පාද යාත්‍රාවේ ගිය පිරිසගේ පැමිණීමත්-හැසිරීමත් දෙකම නරක බව ද "නාමල් බබා", "බැසිල් බබා" යන අය දේශපාලන වශයෙන් ගොඩනැඟුණේ ශ්‍රීලනිපය නිසා බවත් එම ස්ථානයේදී ඇතැමුන් හැසිරුණු ආකාරය ගැන කනගාටුවක් සහ කේන්තියක් ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.
එම මාධ්‍ය හමුවට එක් වූ ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා සඳහන් කළේ දේශපාලන පක්ෂවල විවිධ සංකූලතා ඇතිවුවද ඒ පිළිබඳ ඉවසීමෙන් ක්‍රියා කළ යුතු බවත් ඉවසීම හොඳ ගුණයක් බවත්, තම පක්ෂයේ මතවාදී ප්‍රශ්නයක් තිබෙන බව තමා පිළිගන්නා බවත්ය.
කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා බලලෝභය වෙනුවෙන් මේ ආකාරයට කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවයි.
COMMENTS