කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරීම් ආරම්භ කිරීම දී රුපියල් කෝටි 200ක් ලබාදුන් අත්තිකාරම් මුදලක් අතුරුදහන් වී ඇති බවත් එය ලබාගත් සමාගම ද අතුරුදහන් ව...
එවකට පැවැති රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ද වන නෙලුම් කුලුනට මුල්ගල තැබූ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ එවන් මුදලක් අතුරුදහන් වූයේ නම් ඒ ගැන සොයා නොබැලූ චෝදනාව එල්ල කරන පුද්ගලයාද ඊට වගකිය යුතු බවයි.
එවන් මුදලක් අතුරුදහන් වූයේ නම් අදාළ අංශ වෙත පැමිණිලි කර පරීක්ෂණ කළ යුතු බවද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
එවකට විදුලි සංදේශ නියාමන සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා අද මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ එහිදී කිසිදු මූල්‍ය වංචාවක් සිදු නොවූ බවයි.
අදාළ බිලියන 2 ක මුදල ගෙවන ලද සමාගමමේ ගිණුමටම වත්මන් රජය යටතේ ගෙවන ලද අවසන් වාරිකයද ගෙවා ඇති බව ඔහු සදහන් කලේය.
ජනාධිපතිවරයා පැවසූ සමාගමට මුදල් සියල්ල ගෙවා නැති බවත් සියළුම වාරික ගෙවා ඇත්තේ ඒකාබද්ධ සමාගමක ගිණුමකට බවත් ඔහු කියා සිටියේය.
ජනාධිපතිවරයාට කිසිවකු හෝ අසත්‍ය තොරතුරු මත මේ බව මෙම මෙම චෝදනා එල්ල කළ බවද කී ඔහු විදුලි සංදේශ නියාමන සභාව මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතු බවද සදහන් කලේය.
COMMENTS