යුද්ධය පැවති සමයේ ප්‍රහාරක යානා ගෙනඒමේදී ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා මූල්‍ය වංචාවක් කර ඇතැයි හිටපු ජනපතිනිය ඊයේ සිදුකළ ප්‍රකාශයෙ...
යුද්ධය පැවති සමයේ ප්‍රහාරක යානා ගෙනඒමේදී ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා මූල්‍ය වංචාවක් කර ඇතැයි හිටපු ජනපතිනිය ඊයේ සිදුකළ ප්‍රකාශයෙන් සිදූවූ අපකීර්තියට එරෙහිව නීතීඥවරුන් මාර්ගයෙන් එන්තරවාසියක් යැවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ අද(15) පැවැති මාධ්‍ය හමුවකදී ය.
මේ ගැන තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ බවත් ගෝඨාභයට ඇති භීතිකාව හේතුවෙන් මේ අය එක එක කතා කියමින් සිටින බවත් ඒ මහතා සඳහන් කරයි.
එක්නැලිගොඩගේ අතුරුදන්වීමට බුද්ධි අංශ සාමාජිකයින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ තබාගනිමින් එහි වරද ද ගෝඨාභය මත පැටවීමට උත්සාහ කරන නමුත් එම රණවිරුවන් කිසිවිටෙකත් ගෝඨාභය විරුවාට එරෙහිව කිසිවක් ප්‍රකාශ නොකර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
එසේම හිටපු ජනපතිනිය විසින් යුද්ධයෙන් තුන්කාලක් අවසන් කළ බවත් මහින්ද රාජපක්ෂට තිබුණේ ඉතිරි කාල බවත් කියන්නේ එල්.ටී.ටී.ඊය විසින් කොළඹින් තුන්කාලක්ම ඉවර කර ඉතිරි කාල ඉවර කිරීමට තිබියදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ සම්පූර්ණයෙන්ම පරාජය කළ නිසාදැයි හෙතෙම ප්‍රශ්න කරයි.
COMMENTS