බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතා සහ එම සමාගමේ ප්‍රධ...
බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතා සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාගෙන් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේදී ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට ලිඛිත නියෝගයක් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදී තිබේ.
මෙම මස 13 , 14, සහ 15 යන දින වලදී ප්‍රකාශ ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබේ.
බැඳුම්කර සිදුවීම සම්බන්ධයේ සිදු කරනු ලබන පරීක්ෂණවලට අවශ්‍ය වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සඳහා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම නියෝගය නිකුත් කර තිබේ.
COMMENTS