මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය උදෙසා සිව් මහා දේවාලයන්හි කප් සිටුවීම අද (03) අළුයම 06.00 පසුවී විනාඩි 24ට...
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය උදෙසා සිව් මහා දේවාලයන්හි කප් සිටුවීම අද (03) අළුයම 06.00 පසුවී විනාඩි 24ට යෙදුණු සුභ මොහොතින් සිදු කෙරුණි.
එම අවස්ථාවට දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහ සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පුරාණ චාරිත්‍රානුකූලව කප් සිටුවීම සිදු කෙරුණු අතර අද සිට ඇසල පෙරහැර ආරම්භ වන දිනය වන 08වෙනිදා දක්වා සිව් මහා දේවාල අභ්‍යන්තර පෙරහැර පැවැත්වේ.
මහනුවර - කමල් සුරවීර
COMMENTS