ප්‍රෙටල් සහ ඩීසල් මිල ඉහළ දැමීමට ලංකා අයි. ඕ.සී. සමාගම රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. ඩීසල් ලීටරයක් සඳහා වූ නිෂ්පාදන බද්ද රජය රුපියල...
ප්‍රෙටල් සහ ඩීසල් මිල ඉහළ දැමීමට ලංකා අයි. ඕ.සී. සමාගම රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
ඩීසල් ලීටරයක් සඳහා වූ නිෂ්පාදන බද්ද රජය රුපියල් 10 කින් පසුගියදා ඉහළ දැමීම හේතුවෙන් මෙම ඉල්ලීම සිදුකළ බව ලංකා අයි. ඕ.සී. සමාගම පවසයි.
මීට පෙර ඩීසල් ලීටරයක් සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 3ක් ලෙස පැවැති අතර එය ඉහළ දැමීම නිසා තම නිෂ්පාදන පිරිවැය සියයට 56 කින් වැඩිවී ඇති බව එම සමාගම සඳහන් කරයි.
පෙට්‍රල් සඳහා වන නිෂ්පාදන බදු වැඩි නොකළත් ඩීසල් සඳහා කළ බදු වැඩි කිරීම නිසා එම නිෂ්පාදන කටයුතු සඳහාද යම් බලපෑම් එල්ලවන බව එම සමාගම වැඩිදුරටත් පැවසීය.
කෙසේවෙතත් ඛනිජ තෙල් සහ පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේ ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බව පවසමින් ලංකා අයි. ඕ.සී. සමාගම තමන්ගෙන් සාකච්ඡාවක් සඳහා දිනයක් ඉල්ලා ඇති බවයි.
COMMENTS