දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ත්‍රස්තවාදී කටයුතුවල නිරත වන සියලු දෙනාට මරණ දඩුවම - සජිත්
Homeප්‍රවෘත්ති

ත්‍රස්තවාදී කටයුතුවල නිරත වන සියලු දෙනාට මරණ දඩුවම - සජිත්

PropellerAds

ත්‍ර ස්තවාදී කටයුතුවල නිරත වන සියලු දෙනාට මරණ දඩුවම ලබා දෙන පනතක් තම පාලන කාලය තුල ගෙන එන බව නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේ...

ස්වයං නියාමනය වෙනුවට මාධ්‍යයට ආණ්ඩුවෙන් නීති පැනවීමට එරෙහිව 29 දා පුවත්පත් ආයතනයේ දී සම්මන්ත්‍රණයක්
සම්මුතිය හරියට රකින්න ජනපති-එජාප සාකච්ඡා
ස්වයං නියාමනය වෙනුවට මාධ්‍යයට ආණ්ඩුවෙන් නීති පැනවීමට එරෙහිව 29 දා පුවත්පත් ආයතනයේ දී සම්මන්ත්‍රණයක්
ත්‍රස්තවාදී කටයුතුවල නිරත වන සියලු දෙනාට මරණ දඩුවම ලබා දෙන පනතක් තම පාලන කාලය තුල ගෙන එන බව නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක  සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනාධිපතිවරණ  ප්‍රචාරක රැළියක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා ඇත.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,

"අපේ රටේ කිසිදු ත්‍රස්තවාදයකට ඉඩක් නෑ.ජාති ආගම් කුල මල පන්ති බේදවලින් තොරව කිසිම අවස්ථාවක කිසිම අයුරකින් අපි අපේ මාතෘ භූමියේ ත්‍රස්තවාදයට ඉඩ  දෙන්නේ නෑ . අපි ත්‍රස්තවාදය විනාශ කරනවා. අපි ත්‍රස්තවාදය තුරන් කරනවා .හැබැයි ත්‍රස්තවාදය තුරන් කරනව කියන්නේ ආගම් විනාශ කරන එක නෙවෙයි. ආගමික සිද්ධස්ථාන විනාශ කරන එක නෙවෙයි. ජාතින් විනාශ කරන එක නෙවෙයි. ආගම් විනාශ කරන එක නෙවෙයි .ජාතිවාදය ආගම් වාදව අවුස්සලා රට ගිනි තියන  එකද  දේශප්‍රෙමය කියන්නේ.  බුදුන් වහන්සේ හැම විටම දේශණා කළේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා  කියලයි .මේ රටේ ත්‍රස්තවාදී ක්‍රියාදාමයන් සහ මුලින්ම විනාශ කරන්නට මම නිදහස ලබා දිල තියෙනවා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට. තිස් වසරක යුද ශාපය ඉවත් කරපු විනාශ කාරි කොටි ත්‍රස්තවාදය විනාශ කරපු සරත් ෆොන්සේකා මහතාට මම  වගකීම ලබා  දිල තියෙනවා ඉතිරි ත්‍රස්තවාදීන් ටිකත් විනාශ කරන්න. ත්‍රස්තවාදීන්ට අපේ රටේ තැනක් නෑ .අපි අලුතින්  අණ පනත්  ගේන්න ලෑස්ති වෙනවා  ත්‍රස්තවාදී ක්‍රියාවල නිරතවන ජාති ආගම් පක්ෂ පන්ති කුල මල බේදවලින් තොරව ත්‍රස්තවාදී ක්‍රියාවල නිරතවන  සියලු දෙනාටම තදින් පියවර ගෙන   මරණිය දණ්ඩනය ලබා  දෙන්න කටයුතු කරනවා. අපේ රට සොඳුරු රටක්.අපේ රට තුල සොඳුරු රාජ්‍ය පාලනයක්  ක්‍රියාත්මක කරන්න ඕන .නමුත් යම් කිසි කොට්ඨාසයක් උත්සාහ කරනවානම් ජන්ද බලයෙන්  තොරව සිය දිවි නසා ගෙන ජීවිත සහ දේපළ විනාශ කරන්න කවුරු හරි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක්  උත්සාහ කරනවානම් ඒවාට සම්බන්ධ වන ඒවාට අනුබල දෙන ඒ කිසිවතුට අපේ සමාජයේ ජීවත්වන්න කිසිදු හැකියාවක් නෑ. ඒ නිසා ත්‍රස්තවාදය තුරන් කිරීමේ ස්ථාවරයේ අපි දැඩි ව සිටිනවා. ත්‍රස්තවාදය විනාශ කරන ගමන් අපේ මාතෘ භූමියේ ජාති බේදයට ආගම් බේදයට මේ  ප්‍රේමදාසගේ පුතා ඉඩ දෙන්නේ නෑ"


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ත්‍රස්තවාදී කටයුතුවල නිරත වන සියලු දෙනාට මරණ දඩුවම - සජිත්
ත්‍රස්තවාදී කටයුතුවල නිරත වන සියලු දෙනාට මරණ දඩුවම - සජිත්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKAw_5K7vpy1fa-eUDbWkfFA1hFzitJKzDSi43MEXAh_cq7yD8gQUa-zVF2nWi_6dQozu80BYbM4guh7S5GYKoFMdZzMW1EiP_VvWegfYpLgAWyRwh9fSYFlScsRvI-_JKo_0WXCtoCPys/s320/25a3bcdf8ca632ec761bc64e998e863a_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKAw_5K7vpy1fa-eUDbWkfFA1hFzitJKzDSi43MEXAh_cq7yD8gQUa-zVF2nWi_6dQozu80BYbM4guh7S5GYKoFMdZzMW1EiP_VvWegfYpLgAWyRwh9fSYFlScsRvI-_JKo_0WXCtoCPys/s72-c/25a3bcdf8ca632ec761bc64e998e863a_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_767.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_767.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy