පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීමේ ක්‍රමය අත්හිටුවන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම පෙත්සම ශ්‍රේෂ්ඨාධික...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීමේ ක්‍රමය අත්හිටුවන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර තිබේ.
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
තීරුබදු රහිත වාහන බලපත්‍ර මන්ත්‍රීවරුන්ට ලබාදීමේ ක්‍රියාවලිය නීතියට පටහැණි බවත් ඒ තුළින් මහජන මුදල් විශාල වශයෙන් අපතේ යන බව පෙත්සම්කරු සඳහන් කර තිබුණි.
පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇත්තේ පෙත්සමේ දෝෂ රැසක් පවතින බවයි.
එබැවින් එය සලකා බැලීමට හැකියාවක් නොමැති බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන බව දැනුම් දී ඇත.
COMMENTS