තමාට විදේශ ගතවීමට අවසර ලබාදෙන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග මහතා ඉදිරිපත් කළ පෙත්සමක් ...
තමාට විදේශ ගතවීමට අවසර ලබාදෙන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග මහතා ඉදිරිපත් කළ පෙත්සමක් අද (10) දින ඔහු විසින් ඉල්ලා අස්කර ගෙන තිබේ.
සැප්තැම්බර් මස 30 වැනිදා සිට ඔක්තෝබර් මස 02 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් හි සංචාරය කිරීමට ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ කොළඹ මහාධිකරණය හමුවේය.
එම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නිශාන්ත රණතුංග මහතාගේ නීතිඥයින් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ අදාළ ඉල්ලීම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය බැවින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි.
ඒ අනූව විනිසුරු එම්.කේ.ඩී මොරායස් මහතා පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දී තිබේ.
CSN නාලිකාවේ මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අවස්ථාවේදී ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග කර තිබිණ.
COMMENTS