විල්පත්තු මුහුදු සීමාවේ උස්සන්ගොඩ පිහිටි ධීවර අමාත්‍යංශයට අයත් අක්කර 06ක ඉඩමක් පුද්ගලයෙකුගේ නමට පවරාගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැ...
විල්පත්තු මුහුදු සීමාවේ උස්සන්ගොඩ පිහිටි ධීවර අමාත්‍යංශයට අයත් අක්කර 06ක ඉඩමක් පුද්ගලයෙකුගේ නමට පවරාගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (08) නිළධාරීන්ට උපදෙස් දී තිබේ.
අමාත්‍යංශයේ අනුබද්ධිත ආයතනවල නිලධාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටිලාල් ප්‍රනාන්දු මහතා විසින් අමාත්‍යවරයා වෙත මේ සම්බන්ධව කරුණු දක්වා ඇති අතර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධව පරීක්ෂණයක් සිදුකර අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවයි.
අදාළ භූමි භාගය තුළ සංචාරක හෝටලයක් ඉදිකිරීමේ සූදානමක් ද තිබී ඇති අතර ආණ්ඩු මාරුවත් සමඟ එය නැවතුණු බව වාර්තා වේ.
මෙම භූමි භාගය ආසන්නයේ මුහුද මත්ස්‍ය සම්පත බහුල ප්‍රදේශයක් ද වේ.
COMMENTS