මෙරට ජාතික පුවත්පත් කිහිපයක ඡායාරූප ශිල්පියෙකු මෙන්ම අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේම මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ශ්‍රී ලාල් ගෝමස් මහතා ඊයේ ...
මෙරට ජාතික පුවත්පත් කිහිපයක ඡායාරූප ශිල්පියෙකු මෙන්ම අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේම මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ශ්‍රී ලාල් ගෝමස් මහතා ඊයේ (10) අභාවප්‍රාප්ත වී තිබේ.
ශ්‍රී ලාල් ගෝමස් මහතා මියයන විට 61වන වියෙහි පසුවිය.
ඔහු දිවයින, ලක්බිම යන පුවත්පත් වල ඡායාරූප ශිල්පියෙකු ලෙස ද හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ මෙන්ම ඔහුගේ පුත් වත්මන් වැවැලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා යන මහත්වරුන්ගේ මාධ්‍ය ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කරනු ලැබීය.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (13) සපුගස්කන්ද රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
COMMENTS