ගාල්ල - උඩුගම මාර්ගයේ දංගෙදර ප්‍රදේශයේ දී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ...
ගාල්ල - උඩුගම මාර්ගයේ දංගෙදර ප්‍රදේශයේ දී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම බස් රථයේම ගමන් කර ඇති අදාළ පුද්ගලයා බස් රථයේ රියදුරු සමග ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් බස් රථයෙන් බැස මෙම ගල් ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය දේපලවලට අලාභ හානී සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු 50 හැවිරිදි අයෙකු වන අතර මේ සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS