මෙම අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් 2009 වසරේ සිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව විභාග වන අතර පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ ම...
මෙම අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් 2009 වසරේ සිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව විභාග වන අතර පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා එම තරුණයන් පිළිබඳ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ LTTE සංවිධානයට සහය දැක්වූ බවට හෙළි වීම නිසා බවයි.
මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය සම්පුර්ණයෙන්ම අසත්‍ය බවට මේ වන විට පොලිසියම අනාවරණය කර ගෙන ඇති හෙයින් එම තරුණයන් අතුරුදහන් වීම පිළිබඳ සැබෑ තොරතුරු ප්‍රකාශ කිරීමේ අරමුණින් ඊයේ (17) එම මව්පියන් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
අතුරුදහන්ව සිටින මොහොමඩ් ඩිලාන් මොහොමඩ් තරුණයාගේ මව වන ජෙනිෆර් වීරසිංහ මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ තම දරුවන් අතුරුදහන් කිරීමට හිටපු නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වන විට හෙළි වී ඇති හෙයින් එම පරික්ෂණයන්ගේ ඉදිරි කටයුතු නිම කර ගැනීම සඳහා ඔවුන්ට බාධානොකරන ලෙසයි.
පසුගිය ආණ්ඩුව සමයේ නඩු විභාගයේදීද දැඩි අසාධාරණකම් සිදු වූ බව සඳහන් කළ ජෙනිෆර් වීරසිංහ මහත්මිය අවධාරණය කළේ මෙම පැහැරගැනීම දේශපාලනයට සම්බන්ධයක් නොමැති සිද්ධියක් වන අතර එය කප්පම් ගැනීම සඳහා සිදු කර ඇති බවයි. එහෙයින් මෙයින් දේශපාලන වාසි ගැනීමට උත්සහ නොකරන්නැයි ඇය ප්‍රකාශ කළේය.
මාධ්‍ය හමුවට එක් වූ අතුරුදහන් රජීව් නාගනාදන් ශිෂ්‍යයාගේ මව වන සරෝජිනී නාගනාදන් මහත්මිය පැවසුවේ දරුවා නිදහස් කිරීමට රු. කෝටියක මුදලක් ලබා දෙන ලෙස පුද්ගලයෙකු තමන්ට දුරකථනයෙන් දැනුම්දුන් බවයි. තම පුත්‍රයා වන එවකට 17 හැවිරිදි වියේ පසු වූ රජීව් නාගනාදන් වෛද්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා විදෙස් ගත වීමට සුදානමින් සිටි බවයි ඇය සඳහන් කළේ.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=NLehwydipZ0[/youtube]
....
COMMENTS