අද ලාංකිකයින් සියළුදෙනාට නිදහසේ ජීවත්විය හැකි වාතාවරණයක් නිර්මාණය වී ඇති බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ප්‍රකාශ කරයි. ඇය ම...
අද ලාංකිකයින් සියළුදෙනාට නිදහසේ ජීවත්විය හැකි වාතාවරණයක් නිර්මාණය වී ඇති බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ප්‍රකාශ කරයි.
ඇය මේ බව කියාසිටියේ පසුගිය 06 වෙනි දින නිවිතිගල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය, "පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව අද රටේ සියළුදෙනාට නිදහසේ ජීවත් වීමේ අයිතිය අපි උරුම කරලා දීලා තියෙනවා, අපේ ආණ්ඩුව බලයට පත්වුනාම ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙත් නායකත්වයත් නිසා. අපේ පක්‍ෂය ඉතිහාසයේ සිට මේ දක්වා කරපු දේවල් ගැන සලකා බැලුවම අපිට ආඩම්බර වෙන්න පුළුවන්. මේ දක්වා පවතින දේවල් වලින් වැඩිම දේවල් කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්‍ෂය. පක්‍ෂය ගැන කථා කරනවා නම් අපිට පැයකින් දෙකකින් කථා කරලා ඉවර කරන්න පුළුවන් කමක් නෑ. මේ වගේ පුංචි ජන හමුවකින් ඒ ගැන දැනුවත් කරන්නත් බෑ. අවුරුදු ගණන් මාස ගණන් අපට ඒ ගැන කථා කරන්න පුළුවන්. අද මේ සාමාජිකත්වය ලබන සියළු දෙනා අපේ පක්‍ෂයෙන් බලාපොරොත්තුවන දේවල් මේ අවුරුදු 5 තුළ ලබා දෙන්න මේ නිවිතිගල ආසන සංවිධායිකාව විදිහට මම පොරොන්දු වෙනවා. පොඩි පොඩි දේවල් ගැන පසුතැවෙන්න එපා. අපි මේ ආණ්ඩුව භාර ගන්නකොටම කිව්වා අවුරුදු 5ක් ඇතුලත සියළු ඕනෑ එපාකම් ඉටු කරනවා කියලා.
අද මේ පක්‍ෂය දිනවන්න, රට දිනවන්න එකතුවෙලා ඉන්න අයට මම සුභ පතනවා. අවුරුදු 11ක් තිස්සේ මාත් එක්ක බර ඇඳපු අය වගේම අද මේ දිනන පක්‍ෂයේ සාමාජිකත්වය ලබපු අය වෙනුවෙනුත් වගකීම් ඉටුකරන්න අපි බැඳී සිටිනවා." යි පැවසීය.
ජාතික පක්‍ෂයේ මහලේකම් කබීර් හෂීම් මහතා, ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය, නියෝජ්‍ය අමාත්‍ය අශොක් අබේසිංහ, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
COMMENTS