ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා බන්ධනාගාරය හොරණ ප්‍රදේශයේ ඉදිකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්ද...
ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා බන්ධනාගාරය හොරණ ප්‍රදේශයේ ඉදිකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළේ ලෝකයේ එකම අංගසම්පූර්ණ කාන්තා බන්ධනාගාරය වන තායිලන්තයේ බන්ධනාගාර රීතීන්ට අනුව මෙම කාන්තා බන්ධනාගාරය පිහිටුවන බවයි.
ඒ වෙනුවෙන් මෙරට බන්ධනාගාර නිළධාරීන් කණ්ඩායමක් තායිලන්තයේ පුහුණු පාඨමාලාවකට සහභාගී වී යළි මෙරටට පැමිණි බව ද කොමසාරිස්වරයා කියාසිටියේය.
වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය හොරණ ප්‍රදේශයට රැගෙන යාමට මේ වනවිට තීරණය කර ඇති අතර එහි නව ඉදිකිරීම් යටතේ කාන්තා බන්ධනාගාරය ද ආරම්භ කිරීමට නියමිතය.
මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් 400කට ආසන්න පිරිසක් සිටී.
ඉංග්‍රීසි පාලකයින් විසින් මීට වසර 200කට පමණ පෙර ආරම්භ කරන ලද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමඟ වැලිකඩ බන්ධනාගාරය යටතේ කාන්තා අංශයක් පිහිටුවනු ලැබූ අතර මේ දක්වා එම අංශය වෙනම පවත්වාගෙන යයි.
COMMENTS