පළාත් පාලනය පිළිබඳ සීමා නීර්ණය කිරීමේ අභියාචනා විමර්ශන කමිටු වාර්තාව එළැඹෙන දෙසැම්බර් තුන්වැනි සතියේදී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා...
පළාත් පාලනය පිළිබඳ සීමා නීර්ණය කිරීමේ අභියාචනා විමර්ශන කමිටු වාර්තාව එළැඹෙන දෙසැම්බර් තුන්වැනි සතියේදී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට ලබාදීමට නියමිත බව වාර්තා වේ.
එම කමිටුවේ ලේකම් කේ. ඒ. සුභද්‍රා වල්පොල මහත්මිය විසින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් කමල් පත්මසිරි මහතාට මේ බව දැනුම් දී තිබේ.
මේ දක්වා එම කමිටු වාර්තා සකස් කර අවසන් නොමැති බව සීමා නීර්ණය කිරීමේ අභියාචනා කමිටුව සඳහන් කරයි.
මෙම විමර්ශන කමිටු වාර්තාව නොවැම්බර් මස 07 වැනිදා ලබාදිය හැකි බවට කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා විසින් පසුගියදා අසත්‍ය ප්‍රකාශයක් කර ඇති බවත් කමිටුවේ තීරණය පසුගිය 07 වැනිදා අමාත්‍යංශයට දන්වා තිබෙන බවත් මේ පිළිබඳව කළ විමසීමකදී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසීය.
COMMENTS