ඒකාබද්ධ විපක්ෂයේ ජනසටන පාදයාත්‍රාව ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය අසලින් ගමන් කරන අවස්ථාවේ හූ කියමින් අශෝභන අයුරින් හැසිරු...
ඒකාබද්ධ විපක්ෂයේ ජනසටන පාදයාත්‍රාව ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය අසලින් ගමන් කරන අවස්ථාවේ හූ කියමින් අශෝභන අයුරින් හැසිරුණේ පාගමනට පිටතින් පැමිණි පිරිසක් බවත් පාගමන්කරුවන් ඉතා විනීතව ගමන්කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ අද(02) බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“ඒක නොකළ යුතු දෙයක් කියලා අපිත් පිළිගන්නවා. මේ පෙළපාළියට යම් යම් පුද්ගලයන් ඇතුළු වෙලා තිබුණා. මේක මහා ලොකු සෙනගක්. ඒ අතරට විවිධ පුද්ගලයන් ඇතුළු වෙලා තිබුණා. මේක කළේ අපේ පෙළපාළියට සම්බන්ධ වූ අයෙක් කියලා අපි විශ්වාස කරන්නෙ නෑ.
මෙම සිද්ධිය හැරෙන්න වෙන කිසිදු ප්‍රශ්නයක් නැහැ. මම හොරගොල්ල සමාධිය අසල මුළු පෙළපාළි යනකම් සිටියා. නමුත් මෙතනදි අපි ඔක්කොම මන්ත්‍රීවරු ඉස්සරහට ආවා පටන්ගන්න තැනින්. ඒ නිසා මෙම සිද්ධිය වීම ගැන කනගාටු වෙනවා“
නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ හැසිරීමේ කිසිදු වරදක් නැති බවත් කිහිපදෙනෙකු ගායනා කරන අවස්ථාවේ එම ස්ථානයේ සිටීම ප්‍රශ්නයක් නොවන බවත් ඔහු පැවසී ය.
COMMENTS