පළිගැනීම, ක්‍රෝධය හා වෛරය තුළ සිදුවන්නේ හැමදෙනාම ඈත්කරලීම බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාදයාත්‍රව ...
පළිගැනීම, ක්‍රෝධය හා වෛරය තුළ සිදුවන්නේ හැමදෙනාම ඈත්කරලීම බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පාදයාත්‍රව තුළ යම් යම් දේ කීම, යම් යම් දේ කිරීම සාමාන්‍ය දෙයක් බවත් පාදයාත්‍රා යාම සම්බන්ධයෙන් අකමැත්තක් නැති බවද ජනාධිපතිවරයා මීට පෙරාතුව පවසා තිබුණු බවද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වාදෙයි.
සනත් නිශාන්තට එරෙහිව පරීක්ෂණ පැවැත්වීම පුත්තලම දිස්ත්‍රීක්කයේ ශ්‍රීලනිප සාමාජිකයින්ට එරෙහිව සිදුකරන පරීක්ෂණයක් ලෙස තමන් විශ්වාස කරන බවත් මන්ත්‍රීවරයා එම ප්‍රදේශයේ ඉතාම ජනප්‍රිය අයෙකු බවත් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
මේ අනුව ප්‍රදේශයේ ජනමතයට එරෙහිව කටයුතු කිරීම ඉතාම අවාසිදායක බවත් මෙමගින් තවදුරටත් පක්ෂ සාමාජිකයා පක්ෂය කෙරෙහි කලකිරෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසී ය.
දකුණු කොරියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපතිවරයාගෙන්, ශ්‍රීලනිප පක්ෂ සාමාජිකත්වය අහිමි කළ සනත් නිශාන්ත මන්ත්‍රීවරයා ගැන එම සංචාරයට එක්වුණු මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
COMMENTS