ඉදිරි මාස කිහිපය තුළ ජනතා සහන ලබාදෙන රටේ ආර්ථිකයේ වෙනසක් ජනතාවට දැක ගැනීමට හැකි වන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්...
ඉදිරි මාස කිහිපය තුළ ජනතා සහන ලබාදෙන රටේ ආර්ථිකයේ වෙනසක් ජනතාවට දැක ගැනීමට හැකි වන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පසුගිය රජය කාලයේ ලබා ගත් ණය හේතුවෙන් රටේ ආදායමට වඩා ණය පොලිය ගෙවීමට සිදු වී තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා රජයේ නව වැඩපිළිවෙළ යටතේ ජනාධිපතිතුමා හා අගමැතිතුමා රටේ ආර්ථික කළමනාකරණය කරමින් ආර්ථිකය ගොඩනැගීමට කටයුතු කරන බව ද පෙන්වා දුන්නේය.
රජය මේ වනවිට ක්‍රමවත්ව වැඩපිළිවෙළක් තුළ රට හිර වී සිටින ණය උගුලෙන් බේරීම සඳහා කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS