දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති වෙබ් අඩවිය හැක් කළ හර්ෂණ හා ජනිත් කොටුවුණ හැටි
Homeගොසිප්

ජනපති වෙබ් අඩවිය හැක් කළ හර්ෂණ හා ජනිත් කොටුවුණ හැටි

PropellerAds

ජනපති වෙබ් අඩවිය හැක් කරද්දී ලෝකල් අයීපී එකක් අතපසුවීමෙන් හර්ෂණ හා ජනිත් කොටුවුණ හැටි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩව...

බංග්ලාදේශය දින්න තරගේ මාලිංගගේ අගනා හැට්‍රික් එක
දෙවන විස්සයි20 තරගෙන් බංග්ලාදේශය ජයගනී
ලෝකයේ මිල අධිකම හෝටල් කාමර

ජනපති වෙබ් අඩවිය හැක් කරද්දී
ලෝකල් අයීපී එකක් අතපසුවීමෙන්
හර්ෂණ හා ජනිත් කොටුවුණ හැටි


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවිය වෙත අනවසරයෙන් ප‍්‍රවිෂ්ට වී තොරතුරු ඇතුළත් කළ සිද්ධියට අදාළව තරුණයින් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසු මීට අදාළ තොරතුරු රැසක් අනාවරණයවී තිබේ.
අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටි හර්ෂණ ශ‍්‍රීමාල්
නමැත්තෙකි. ඔහු මින් ඉහත මෙවැනි වෙබ් අඩවි 7 කට අනවසර ප‍්‍රවිශ්ටයන් සිදු කළ බව පවසා ඇත.

ඔහුට මේ සඳහා තාක්ෂණික උපදෙස් සැපයූ බවට හඳුනාගෙන අත්අඩංගුවට පත් දෙවන සැකකරු ග‍්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකි. ඔහු කටුබැද්ද, මොරටුව පදිංචි කරුණානායකගේ ජනිත් මධුසංඛ නමැති 27 හැවිරිදි තරුණයෙකි.
අ.පො.ස. උසස් පෙළ විභාගය අපේ‍්‍රල් මාසයේ නොපවත්වන ලෙසත්, විශ්ව විද්‍යාල සිසුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන ලෙසත්, ජාලගත පරිගණක ප‍්‍රහාරයක් එල්ල විය හැකි බැවින් එයින් ආරක්ෂා වන්නට නොහැකි නම් ජනාධිපතිතුමාට ඉල්ලා අස්වන ලෙසටත් තර්ජනාත්මක නිවේදනයක් ඇතුළත් කර ජනාධිපතිවරයාගේ වෙබ් අඩවිය අවස්ථා කිහිපයකදීම හැක් කිරීම 2007 අංක 14 දරන පරිගණක අපරාධ පනතේ වගන්ති 3, 4, 5, 6, 7, 8 සහ 9 යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වූ බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසුව
පාසල් සිසුවා මාකොළ රැඳවුම් නිවාසයේත්, 27 හැවිරිදි තරුණයා රිමාන්ඞ් භාරයේ තැබීමටත් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළා.

මෙම සැකකරුවන් දෙදෙනා විදෙස් සැකකරුවකුගේද සහාය ඇතිව මේ අපරාධය
සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වන බව රහස් පොලිසිය බී වාර්තාවක් මගින් දන්වා ඇත.
මෙම හැකර් ප‍්‍රහාරයට අදාළ එයිපී අංක කිහිපයක් විදේශයන් හි සිට භාවිතා කර ඇති අතර වැරදීමකින් එක් අංකයක් මෙරටදී භාවිතා කර තිබූ නිසා ඒ ඔස්සේ කළ විමර්ශනවලින් මොවුන්ව අල්ලාගෙන ඇත.

ලංකාව තුළ වෙබ් අඩවි 37කට අධික ප‍්‍රමාණයකට අනවසර ප‍්‍රවිෂ්ටයක් ලබාගෙන දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන් මොවුන් පවත්වා යන ඇරෝ එල් කේ නමැති ෆෙස්බුක් කණ්ඩායම් ගිණුම හඳුනාගත් බව පොලිසිය දන්වා සිටී.


එම ගිණුම මෙන්ම යකඩයා ෆොර්ම් නමැති වෙබ් අඩවි ෆෝරමය ඔස්සේ හැක් කිරීමට අදාළ තොරතුරු හුවමාරු කරගැනිමට මොවුන් කටයුතු කර ඇත.
එමෙන්ම, මෙම කණ්ඩායම රතු උකුස්සා, සුමේධ ජනවිජය, කොයාහැකර් නමින් තවත් ෆෙස්බුක් දත්ත පිටු හා වෙබ්අඩවි කිහිපයක් පවත්වාගෙන යමින් අන්තර්ජාලයේ වෙබ් අඩවි වෙත අනවසර ප‍්‍රවිෂ්ට ලබා ගැනීම ගැන සාකච්ඡා පවත්වමින් සිට ඇත.

මෙම සිද්ධියේ සැකකරුවකු වන පාසල් සිසුවා මේ අකාරයෙන් තවත් වෙබ් අඩවි 7කට ඇතුළුවී කරුණු විකෘති කිරීම් වල යෙදී ඇත. පාසලේ උසස් පෙළ හදාරණ අතරවාරයේ හර්ෂණ ග‍්‍රැෆික්ස් යනුවෙන් ව්‍යාපාරයකටද අතගසා සිටින ඔහු අන්තර්ජාලය ඔස්සේ එය පවත්වා යමින් විවිධ ස්ක‍්‍රිප්ට්ස් වැඩ හා ග‍්‍රැෆික් වැඩ සිදු කරමින් මුදල් ඉපැයීමේ කටයුතු වලද යෙදී ඇත. මෙම තරුණයන් දෙදෙනා එකිනෙකා හඳුනාගෙන ඇත්තේද අන්තර්ජාල ෆොරමයකින් වන අතර පසුව එකිනෙකා දුරකථන මාර්ගයෙන් සාකච්ඡා කර ජනපතිගේ වෙබ් අඩවිය හැක් කිරීමේ කාර්යය උපායශීලීව සිදු කරන ආකාරය කථිකා කරගෙන එය සිදු කර ඇත. එක් අයීපී ලිපිනයක් අතපසුවීම නිසා ඔවුන් පොලිසියට හසුවූයේ පැය 48 ක් යන්නට ප‍්‍රථමයෙනි.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති වෙබ් අඩවිය හැක් කළ හර්ෂණ හා ජනිත් කොටුවුණ හැටි
ජනපති වෙබ් අඩවිය හැක් කළ හර්ෂණ හා ජනිත් කොටුවුණ හැටි
http://ift.tt/2bAyGai
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_277.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_277.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy