තමා කරපු දේවල් කියන කෙනෙක් නොවෙන බවත් එසේනම් තමාට කියන්න ගොඩක් දේවල් තිබෙන බවත් එහෙත් තමන් ඒ තරම් දුර්වල නොමැති බවත් හිටපු ජනාධිපති මහින...
තමා කරපු දේවල් කියන කෙනෙක් නොවෙන බවත් එසේනම් තමාට කියන්න ගොඩක් දේවල් තිබෙන බවත් එහෙත් තමන් ඒ තරම් දුර්වල නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පවසයි.
කළුතර දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් සංවිධානය කරන ලද කළුතර නගර ශාලාවේ පැවැති එම රැස්‌වීම අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.
“එක්‌සත් ජාතික පක්‌ෂය අපට ගැළපෙන්නේ නැහැ. කුරුණෑගල තියන පක්‌ෂ සම්මේලනයට අපි නොයන්නේ ඒ නිසයි. නිර්මල ශ්‍රීලනිපය තියෙන්නේ අප ළඟ“ යැයි රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
එහිදී හිටපු ජනාපතිවරයා මෙසේද සඳහන් කළේය.
“එජාපයෙන් ඉවත්වී බණ්‌ඩාරනායක මහතා ශ්‍රීලනිපය හදන විට ඩී. ඒ. රාජපක්‌ෂ මහතා හිටියේ සෙවණැල්ල වගේ. සියලු වමේ පක්‌ෂ එකතු කරගෙන එදා ශ්‍රීලනිපය හැදුවේ එජාපය වැඩ කළේ එක පක්‌ෂයකට පමණක් නිසයි. බණ්‌ඩාරනායක මහත්තයා එහෙම හැදූ ශ්‍රීලනිපය දාලා දූලා පුතාලා ගියත් මේ පුතාලා ගියේ නැහැ. ඊට පස්‌සේ අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 127 ක් එක්‌ක ශක්‌තිමත්ව පාර්ලිමේන්තුවට ආවා. ජනතාව ඇවිත් ඉල්ලුවේ මුකුත් එපා යුද්ධය අවසන් කරල දෙන්න කියලයි.
හිටපු ජනාධිපතිතුමිය යුද්ධයෙන් 3/4 ක්‌ම ඉවර කර තිබූ බව එදා ඒ ජනතාව දැන හිටියේ නැහැ. යූඑන්පියත් යුද්ධය ඉවර කළා කියල තිබුණා. ඒ වුණාට කොටියා එන්නේ මගේ පස්‌සෙන්. මැතිවරණය කලින් තියපු එක හුඟක් අයට ප්‍රශ්නයක්. ආර්ථීක අර්බුදයට මුහුණ දෙන්න බයේ කියනවා. එහෙම නම් මම ගෙදර යනවා. ඕවා කියන සමහරු අපේ බඩේ තෙල් ගෑවා.
මම කරපු දේවල් කියන කෙනෙක් නොවෙයි. එහෙම නම් මට කියන්න ගොඩක් දේවල් තියෙනවා. මම ඒ තරම් දුර්වල නැහැ. ඕස්‌ට්‍රේලියානු සිද්ධිය නීත්‍යානුකූලව ඔප්පු වෙන්න ඕන. මම කෙනෙකුට අපහාස කර නැහැ. දිට්‌ඨ ධම්මවේදනීය කර්මය ගැන බුදුදහමේ තියෙනවා. වරදක් කළොත් පඩිසන් දෙනවාමයි. මම අවුරුදු 16කදී ගත් ණය මුදලට වඩා වැඩි ණය මුදලක් මේ අය එක අවුරුද්දට අරන් තියෙනවා. මම ගත් ණයවලින් කළ වැඩ හතර වටේ බැලුවාම පේනවා. මේවා වටින්නේ අනාගතයට. මම ඔබලාට වඩා අනාගත දරුවා දිහා බලල වැඩ කළා.“ යැයි රාජපක්ෂ මහතා සඳහන් කළේය.
“මම මහින්දෝදය විද්‍යාගාර 1000 ක් හැදුවා. ඒවායින් 200 ක් විවෘත කළා. අනිත් ඒවා විවෘත කරන්න බැරිව බලා ඉන්නවා. මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කරනවා කීවාම මම හිතුවා මේ යෝධයා විහිළුවට කියනවා කියලා. කටුනායක වැහුවම ඒ ගුවන් යානා ගෙනියන්නේ මත්තලටයි. එහෙ හෙක්‌ටයාර් 15 දුන්නා ආයෝජන කලාපයක් ගැන මම හිතුවේ නැහැ. මගෙන් ඉල්ලුවේ 750 යි. මම කොරියාවට, ජපානයට ගිහින් කීවෙත් මගේ ආයෝජකයන්ට මෙහෙ එන්න කියලයි. අපි ළඟ කුහකකම නැහැ. මේ ආණ්‌ඩුවේ අය හරියට පික් පොකැට් කාරයො වගේ. පික් පොකැට් ගහපු එකාම ‘අන්න හොරෙක්‘ කිය කෑ ගහනවා. මිනිස්සු ඒ දිහා බලන විට නියම හොරා මාරුවෙලා යනවා.
“මේ අය බය කරන්න එෆ්සීඅයිඩී ගෙන්වනවා. ඇමැතිකම් දෙනවා කිව්වාම කවුරුත් ගන්නවා. නාමල්ගේ නම කීවොත් ගෙදර යවන බව කියනවා. අද වෙන්නේ ඒකයි. අපේ රට විදේශවලට පාවා නොදිය යුතුයි. ආණ්‌ඩුවක් තියෙන්නේ අප රටේ ප්‍රශ්න විසඳන්න මිසක් අල්ලපු රටේ ප්‍රශ්න විසඳන්න නොවෙයි. ඉට්‌කා ගිවිසුම අත්සන් කරන්න හදිසි ඉන්දියාවට නොවෙයි. අපේ අයටයි.“
COMMENTS