මහමෝදර මාතෘ රෝහලට ඇතුළත්ව පැලෝපීය නාලයේ වතුර ගෙඩි ඉවත් කිරීමේ සැත්කමක් කළ කාන්තාවකගේ ගුද මාර්ගයේ තිබී එම සැත්කමේදී ඇතුල්වන්නට ඇතැයි සැකකරන...
මහමෝදර මාතෘ රෝහලට ඇතුළත්ව පැලෝපීය නාලයේ වතුර ගෙඩි ඉවත් කිරීමේ සැත්කමක් කළ කාන්තාවකගේ ගුද මාර්ගයේ තිබී එම සැත්කමේදී ඇතුල්වන්නට ඇතැයි සැකකරන ගෝස් ගුලියක් හමුවී තිබේ.
පවිත්‍රා සුභාෂිණී නම් මෙම කාන්තාව එම වතුර ගෙඩි ඉවත් කිරීමේ සැත්කමින් පසු උදරයේ දැඩි වේදනාවකින් පසුවී ඇති අතර ඒ හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත්ව එන්ඩෝස්කොපි පරීක්ෂණයක් සිදුකර ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ ඇගේ ගුද මාර්ගය තුළ ග්ලෝස් ගුලියක් සිරවී ඇති බවයි.
අදාළ කාන්තාවගේ සැමියා වන ධනුෂ්ක ශ්‍රීමාල් ගුණසේකර මහතා තම බිරිඳට සිදුවූ අපහසුතාවය සහ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල පිළිබදව ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශයට පැමිණිලි කර ඇති අතර සිද්ධිය සම්බන්ධව පරික්ෂණයක් සිදුකොට සාධාරණත්වය ඉටු කරණ ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ද ඉල්ලා සිටී.
ඒ පිළිබඳව අදහස් දැක්වූ ඔහු කියාසිටියේ, " පොලිසියෙන් කීවා බිරිද රැගෙනවිත් කට උත්තරයක් දෙන්න කියලා. මගේ බිරිදගේ නම පවිත්‍රා සුභාෂණි. අපි පදිංචිවෙලා ඉන්නේ මාරඹ අකුරැස්සේ. බිරිද ජනවාරි මසයේ ගැබ්ගත්තා. බිරිදට බඩේ අමාරුවක් තිබුනා. එක දවසක් බිරිදට අමාරුවුනා. අකුරැස්ස විශේෂ්‍යඥ වෛද්‍යවරයකුට පෙන්නුවා. ඔහු කිවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් වෙන්න කියලා. ජනවාරි මසයේ අන්තිමේ කරාපිටිය රෝහලට ඇතුලත් කළා. ඉන්පසු බිරිද කරාපිටිය රෝහලින් මහමෝදර මාතෘ රෝහලට මාරු කළා. බිරිදගේ පැලෝපිය නාලවල වතුර ගෙඩි වගයක් තියෙනවා ශල්‍ය කර්මයකින් ඉවත් කරන්න ඕන කියලා කිවා. බබාට කිසිදු ප්‍රශ්නයක් නැහැ කියලා කිවා. අපි කැමතිවුනා සැත්කම කරන්න. පෙබරවාරි මාසයේ මුල් සතියේ පමණ සැත්කම කළා. නමුත් බිරිදගේ බඩේ අමාරුව හොද වුනේ නැහැ. පස්සේ අපි වාට්ටුව භාර හිටපු වෛද්‍යවරයාට හා ප්‍රසව හා නාරිවේද පිළිබද විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්නුවා. බාබාට කිසිදු ප්‍රශ්නයක් නැහැ කියලා කිවා. ගැබ්ගෙන මාස 04 කට පමණ පසු බිරිදගේ වෝටර් බැග් එක පුපුරලා රුධිරය වහනය වෙන්න පටන් ගත්තා.
පස්සේ නැවත මහමෝදර මාතෘ රෝහලට ඇතුලත් කළා. ගබ්සාවක් වෙලා බාබා නැතිවුනා. පස්සේ නැවත ගෙදර ආවා. එත් බඩේ අමාරුව විටින් විට තිබුනා. පැලෝපිය නාලයේ අනික් පැත්තෙත් වතුර ගෙඩි තියෙනවා එ්වා ඉවත් කරන්න ඕන කියලා කිවා. පසුගිය වෙසක් පෝය දින බිරිද නැවත මහ මෝදර රෝහලට ඇතුලත් කළා. එහිදි ස්කෑන් කරලා කිවා වතුර ගෙඩි උඩට ගිහින් තියෙන්නේ සැත්කමක් කරන්න ඕන නැහැ කියලා. බිරිදගේ බඩේ අමාරුව හොද වුනේ නැති හින්දා කොළඹ නගරයේ පුද්ගලික රෝහලකදි විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්නුවා. මාසයකට විතර බෙහෙත් දුන්නා. නමුත් බඩේ අමාරුව වෙලාවකට අඩුවෙනවා. වෙලාවකට වැඩිවෙනවා. මේ ගැන අපි ඒ වෛද්‍යවරයාට කිවා. ඔහු කිවා එන්ඩොස්කොපි පරික්ෂණයක් කරන්න ඕන කියලා. මේයාගේ එනඩෝසකොපි එක කරන්න පැය දෙකක් විතර ගියා. එම පරික්ෂණයේදි තමයි හසුවුනේ අගල් හයක් විතර මහත ග්ලෝස් රිල් එකක් බඩේ තියෙනවා කියලා. විශාල ග්ලොස් ගුලියක් තමයි තිබුනේ එය මස් කාල තමයි තිබුණේ. එන්ඩොස්කොපි පරික්ෂණ දෙකක් කරලා තමයි ග්ලොස් ගුලියක් තියෙනවා කියලා අනාවරණය කරගත්තේ. පසුව සැත්කමක් කරලා ඒ ග්ලෝස් ගුලිය එළියට ගත්තා.
පැලෝපිය නාලයේ වතුර ගෙඩි ඉවත් කිරිමේදි කරපු සැත්කමේදි ග්ලෝස් කැබැල්ල බඩ ඇතුලට යන්න ඇති බවට අපි සැකකරනවා. ගිය ඉරිදා තමයි බිරිද ඒ පුද්ගලික රෝහලේ ඉදලා ගෙදර ආවේ. මේ තුලින් අපට වෙලා තියෙන අසාධාරණය වෙනුවෙන් සාධාරණ පරික්ෂණයක් කරලා සාධාරණත්වය ඉටු කරන්න කියලා ඉල්ලා සිටිනවා." යනුවෙනි.
ගාල්ල - ලලිත් චාමින්ද
COMMENTS