දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'එදා නීතියට පිටින් පනත් ගෙනආවා නම් එජාපය ඒවාට වගකිව යුතුයි'
Homeප්‍රවෘත්ති

'එදා නීතියට පිටින් පනත් ගෙනආවා නම් එජාපය ඒවාට වගකිව යුතුයි'

PropellerAds

පසුගිය පාලන සමයේ දී නිසි පටිපාටියෙන් බැහැරව පනත් ගෙන ආවේ නම් ඊට වගකිවයුත්තේ එකල විපක්ෂය ලෙස සිටි එක්සත් ජාතික පක්ෂය බව පිවිතුරු හෙළ උරුමයේ...

රාජපක්ෂලාගේ සෙරෙප්පු ලෙවකන කූජිත 134 දැක්කම මට ආණ්ඩුව ගන්නවා නෙමෙයි වමනේ යනවා - සජිත් පාර්ලිමේන්තුවේදී කියයි (VIDEO)
IMF ගිවිසුමෙන් ලංකාව ආජන්ටිනා මාවතට... බැංකු පද්ධතිය ගොඩගත නොහැකි ප‍්‍රපාතයකට - ගම්මන්පිල
බියක් සැකයක් නැතිව මැයි දින රැළිය පවත්වන්න පොහොට්ටුව විශේෂ ආරක්ෂාවක් ඉල්ලයි!
'එදා නීතියට පිටින් පනත් ගෙනආවා නම් එජාපය ඒවාට වගකිව යුතුයි'

පසුගිය පාලන සමයේ දී නිසි පටිපාටියෙන් බැහැරව පනත් ගෙන ආවේ නම් ඊට වගකිවයුත්තේ එකල විපක්ෂය ලෙස සිටි එක්සත් ජාතික පක්ෂය බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (10) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (09) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් උපුටා දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, "අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්තිය අනුව මුදල් පනතක් විශේෂයෙන්ම බදු පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතුයි. ස්ථාවර නියෝග 133 අනුව ඇමති මණ්ඩල අනුමැතිය ලැබුණු බව පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුයි. නමුත් මුදල් ඇමතිතුමාට මේක ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරන්න බෑ. ජනාධිපති කලින්ම කිව්වා මම මේ බදු පැනවීමට විරුද්ධයි කියලා. ඒ ලණුව කාලා ශ්‍රිලනිප ඇමතිවරු වැට් බද්දට එරෙහිව පොලු අමෝරා ගෙන හිටියේ. ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළා නම් ශ්‍රිලනිප ඇමතිවරුන්ගේ නම්බුව බේරා ගන්න සුළු හෝ සංශෝධනයක් කරන්න වෙනවා.

ඇමති මණ්ඩලයෙන් කෙටුම්පත බේරා ගන්න තමයි ඇමති මණ්ඩලය මග හැරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. මේ අඩුපාඩුව සිසිර ජයකොඩි මන්ත්‍රිතුමා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළා. නිසි පටිපාටිය අනුගමනය කර ඉදිරිපත් කර නැති නිසා ව්‍යවස්ථානුකූලත්වය පරික්ෂා කරන්න විධිමත්ව ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් තමන් ඉදිරියේ නෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. අගමැතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණය විවේචනය කරමින් කතා කළා. එතුමා කියනවා ස්ථාවර නියෝග අනුව කටයුතු කළා ද කියා සොයා බැලීම පාර්ලිමේන්තුවේ වැඩක්. ව්‍යවස්ථාවට අනුකූල ද නැද්ද කියන එක විතරයි ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීම කියලා.

අවාසනාවට එතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78(2) වගන්තිය බලලා නෑ. පනත් කෙටුම්පතක් ස්ථාවර නියෝග අනුව ඉදිරිපත් කළ යුතුයි කියා ඒ වගන්තියේ තිබෙනවා. ඒ අනුව ස්ථාවර නියෝග අනුව පනතක් ඉදිරිපත් කරන එක ව්‍යවස්ථාපිත වගකීමක්.

අගමැති ඊයේ පාර්ලිමේන්තුවේ තවත් බෝම්බයක් අත් හැරියා. රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඇමති මණ්ඩල අනුමැතිය නැතුව පනත් සම්මත කරගෙන තිබෙනවාලු. එහෙම වුණා නම් ඒකට ශ්‍රේෂ්ඨාධිකරණයට වගකීමක් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයට පනත් කියවමින් ඉන්න වෙලාවක් නෑ. කවුරු හරි පනත් කෙටුම්පතක් අභියෝගයට ලක් කළොත් විතරයි ඒ පිළිබඳ තීන්දුවක් දෙන්නේ. අපේ යුගයේ නිසි පටිපාටියෙන් බැහැරව පනත් ගෙනාවා නම් ඒකට වග කියන්න ඕනෑ එදා විපක්ෂය වුණු එජාපයයි.

එදා තිබුණේ නිදි කිරා වැටෙන විපක්ෂයක්. ඒකයි ඒ අයට අවුරුදු 21ක් විපක්ෂයේ ඉන්න සිදු වුණේ. අද තිබෙන්නේ සක්‍රිය විපක්ෂයක්. ඒ නිසා තමයි අපට විපක්ෂයට හිමි පහසුකම් වරප්‍රසාද අහිමි කරලා තිබෙද්දිත් විපක්ෂ නායක විපක්ෂයේ සංවිධායක නිදි කිරා වැටෙද්දී අපි විපක්ෂයේ වගකීම ඉටු කරන්නේ.

ලංකාවේ නීතිය අනුව පාර්ලිමේන්තුවේ සම්මත කළ පනතක් අධිකරණයේ අභියෝගයට ලක් කළ නොහැකි වුණත් මූලික අයිතිවාසිකම් නඩු දාලා රාජපක්ෂ යුගයේ නිසි ලෙස සම්මත නොවුණු පනත් අභියෝගයට ලක් කරාවි කියලා අගමැතිතුමාට බයක් තිබෙනවා කියලා ඊයේ පාර්ලිමේන්තුවේ කිව්වා. නීතිමය තත්වය පැහැදිලි කරලා අගමැතිතුමා බිය පහ කරන්න මම උත්සාහ කළත් කතානායකතුමා මට ඒකට ඉඩ දුන්නේ නෑ. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 17 වන වගන්තිය අනුව මූලික අයිතිවාසිකම් නඩු ගොනු කළ හැක්කේ විධායක හෝ පරිපාලන ක්‍රියාවන්ට විරුද්ධවයි. ව්‍යවස්ථාදායක හෝ අධිකරණ ක්‍රියාවන් පිලිබඳ මූලික අයිතිවාසිකම් නඩු ගොනු කරන්න බෑ. අගමැතිතුමනි, බිය නොවන්න රාජපක්ෂ යුගයේ පනත් සියල්ලම සුරක්ෂිතයි. ඔබ වැට් පනත ගැන අවධානය 
යොමු කරන්න කියලා අපි කියනවා.

තමන් ඉදිරියේ විධිමත්ව ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් නැති නිසා එහි අන්තර්ගතයේ ව්‍යවස්ථානුකූලත්වය විමසා බලන්නේ නෑ කියා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණා. මේ නිසා මේ පනත් කෙටුම්පත ඒ ආකාරයෙන්ම යලි ඉදිරිපත් කළොත් අපි නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. අපි දෙපාරක් වැට් රකුසාගෙන් ජනතාව බේරා ගත්තා වගේම තුන් වන වරටත් වැට් රකුසාගේ කකුලෙන් අල්ලා ගෙන පැමිණීම ප්‍රමාද කරනවා. මේ දිනවල සිල්ලර වෙළෙන්දන්, පාරිභෝගිකයන්, ලේ මුත්‍රා පරික්ෂා කර ගන්නා රෝගින්, සැත්කම් වලට ලක් වන අය වැඩේ කරන ගමන් නොමිලේම නීති සහය ලබා දුන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ඇතුළු නීතිඥ කණ්ඩායමටත් නඩු ගොනු කළ විමල් වීරවංශ සහ සිසිර ජයකොඩි යන මන්ත්‍රිවරුන්ටත් පිං දෙන්න අමතක කරන්න එපා."යි කියාසිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'එදා නීතියට පිටින් පනත් ගෙනආවා නම් එජාපය ඒවාට වගකිව යුතුයි'
'එදා නීතියට පිටින් පනත් ගෙනආවා නම් එජාපය ඒවාට වගකිව යුතුයි'
http://ift.tt/2aB1q2d
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_181.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_181.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy