ඉන්දියානු ඔයිල් සමාගම විකුණන එක්ස්ට්‍රා ප්‍රීමියම් යූරෝ පෙට්‍රල් හා එක්ස්ට්‍රා මයිල් ඩීසල් වර්ගය රුපියල් දෙකකින් අද (09) මධ්‍යම රාත්‍රියේ ...
ඉන්දියානු ඔයිල් සමාගම විකුණන එක්ස්ට්‍රා ප්‍රීමියම් යූරෝ පෙට්‍රල් හා එක්ස්ට්‍රා මයිල් ඩීසල් වර්ගය රුපියල් දෙකකින් අද (09) මධ්‍යම රාත්‍රියේ සිට මිල අඩු කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව එක්ස්ට්‍රා ප්‍රිමියම් යුරෝ ත්‍රී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 123 සිට රුපියල් 121 දක්වා අඩු වන අතර, එක්ස්ට්‍රාමයිල් ඩීසල් ලීටරයක මිල රුපියල් 99 සිට රුපියල් 97 දක්වා පහත දැමීමට නියමිතය.
ලංකා I.O.C. සුපිරි පෙට්‍රල් සහ ඩීසල් මිල පසුගිය මාර්තු 1 වන දා ද අඩු කළ අතර, ජුලි 1 වන දා සිට නැවත ඉහළ නංවනු ලැබීය.
නැවතත් අද සිට එම මිල රුපියල් 2කින් අඩු කෙරෙන බවත් ලෝක වෙළදපොළේ බොරතෙල් මිල පහත වැටීමට සාපේක්ෂව එම මිල සංශෝධනය සිදුකළ බවත් ලංකා I.O.C. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා මහතා සඳහන් කළේය.
මෙරට ඉන්ධන අලෙවියේ සිල්ලර මිල තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර වෙළදපොළේ තෙල් මිලට සාපේක්ෂව මිල සූත්‍රයක් සකස් කළ යුතුව ඇති බව ලංකා I.O.C. කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS