මෙරට පැවති හැම ආණ්ඩුවක්ම වර්තමාන පුරවැසියා ලක්ෂ ගණනක ණයකරුවෙක් කර ඇති බවත් පත්වන කිසිම ආණ්ඩුවක් ජනතාවගේ ප්‍රශ්න නොවිසඳන බවත් සිරවී ඇති ණය ...
මෙරට පැවති හැම ආණ්ඩුවක්ම වර්තමාන පුරවැසියා ලක්ෂ ගණනක ණයකරුවෙක් කර ඇති බවත් පත්වන කිසිම ආණ්ඩුවක් ජනතාවගේ ප්‍රශ්න නොවිසඳන බවත් සිරවී ඇති ණය උගුලෙන් රට ගලවා ගැනීමට කටයුතු නොකරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්හෙත්ති මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) ණය බර - බදු බර හා බිඳවැටෙන ආර්ථිකය මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් රට පුරා පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ මාතර දිස්ත්‍රික්කයේ උරුබොක්ක ප්‍රදේශයේ පැවති ජන හමුවේදීය.
එහිදී අදහස් දැක්වූ හඳුන්හෙත්ති මහතා, "දැන් මිනිස්සු ප්‍රශ්නවලට උත්තර හොයන ආණ්ඩුවලට ඡන්දෙ දෙනවා. ආණ්ඩුත් ඒක දන්නවා. ආණ්ඩු ඒක හින්ද ප්‍රශ්න විසඳන්නෙ නෑ, ප්‍රශ්න තියාගෙන යනවා. මොකද ප්‍රශ්න විසඳුවොත් ඒ පාලකයින්ට ඡන්දෙ නෑ" කියාසිටියේය.
ඔහු කළ සම්පූර්ණ කතාවේ හඬ පටය පහතින්.
ඇඹිලිපිටිය - ප්‍රගීත් ජනක
COMMENTS