ශ්‍රී ලංකන් සහ මිහින් එයාර් ගුවන් සේවාවන් වෙනුවෙන් ආණ්ඩුව සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට අන්තර්ජාතික ගුවන් සේවාවන් 8ක් කැමැත්ත පළ කර ඇතැයි ව්...
ශ්‍රී ලංකන් සහ මිහින් එයාර් ගුවන් සේවාවන් වෙනුවෙන් ආණ්ඩුව සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට අන්තර්ජාතික ගුවන් සේවාවන් 8ක් කැමැත්ත පළ කර ඇතැයි ව්‍යවසාය සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ ජකර්තා නුවර ආයෝජකයන් පිරිසක් සමඟ සාකච්ඡාවක නිරතව සිටින අතරතුරදීය.
මේ සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට තවත් සමාගම් රැසක්ම ඉදිරිපත්ව ඇති බැවින් මේ සඳහා ලබා දෙන කාලය තවත් මාසයකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
“මුලදී අප කලබල වී සිටියේ කිසිම ඉල්ලුමක් ඇති නොවෙයි කියලයි. ඒත් පසුගිය දින කිහිපයේදී ගුවන් සේවාවන් රැසක්ම මේ සම්බන්ධව කැමැත්ත පළකර තිබුණා. ජපානයේ ඒව්ඒ පවා කැමැත්ත පළකර තිබෙනවා. ඉතිං වඩාත් හොඳ අවස්ථාවන් උදාකර ගන්න අවසාන දිනය තවත් කල් දැමීමට කටයුතු යොදනවා" යැයි අමාත්‍යවරයා පැවසී ය.
ආර්ථික කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශක අර්ජුන් මහේන්ද්‍රන් මහතා ද මෙම සාකච්ඡාවට සහභාගි විය.
COMMENTS