වව්නියාව පූවර්සන්කුලම්, කට්පගපුරම් ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් බිරිඳට පහර දී භූමිතෙල් දමා පිලිස්සීම හේතුවෙන් එම ...
වව්නියාව පූවර්සන්කුලම්, කට්පගපුරම් ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් බිරිඳට පහර දී භූමිතෙල් දමා පිලිස්සීම හේතුවෙන් එම කාන්තාව මිය ගොස් ඇතැයි පූවර්සන්කුලම් පොලීසිය පවසයි.
සැමියා සහ බිරිඳ අතර වූ බහින්බස්වීම දුර දිග යාමෙන් සැමියා විසින් බිරිඳට පහරදීම හේතුවෙන් බිරිඳ සිහිසුන්ව වැටී ඇති අතර පසුව සැමියා ඇයගේ සිරුරට භූමිතෙල් දමා පුලුස්සා පලා ගොස් ඇත.
අනතුරුව අසල්වාසීන් විසින් කාන්තාව ගින්න නිවා දැමීමට පියවර ගත්තද ඒ වන විටත් දැඩි ලෙස පිලිස්සී සිටි කාන්තාව රෝහලට රැගෙන යාමටත් පෙර එම ස්ථානයේම මිය ගොස් සිට ඇති බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.
මෙලෙස පිලිස්සී මිය ගොස් ඇත්තේ කට්පගපුරම් ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි රාජේන්ද්‍රම් අනට්ට්‍රා නැමති කාන්තාවක් වන අතර පූවර්සන්කුලම් පොලීසිය විසින් අදාල ගිනිතැබීම සිදුකල සැමියා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති අතර ඔහු වව්නියාව මහෙස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පොලීසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS