නුවරඑළිය මහා අධිකරණයේ මිනී මැරුම් චෝදනාවකට වරදකරුවන් වු එකම පවුලේ ඥාතින් 07දෙනෙකුට අද (05) මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා විසින් මරණ ...
නුවරඑළිය මහා අධිකරණයේ මිනී මැරුම් චෝදනාවකට වරදකරුවන් වු එකම පවුලේ ඥාතින් 07දෙනෙකුට අද (05) මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා විසින් මරණ දඩුවම නියම කරනු ලැබීය.
2004 වසරේ ජුලි 04 වන දින නුවරඑළිය පොලිස් වසමට අයත් වෙන්චර් වතුයායේ පෙරියසාමි ශන්මුගනාදන් නමැති අයෙකුට පහරදී ඝාතනය කිරිම සම්බන්ධයෙන් චෝදනා 03ක් යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙසේ මරණ දඬුවම නියම කළේය.
මීට අමතරව මෙම සැකකරුවන් 07දෙනාට රැපියල් 3,000 බැගින් දඩයක් ද මාස 06ක සිරදඩුවමක්ද නියම කරනු ලැබීය.
COMMENTS