පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකතන බිල වශයෙන් රුපියල් 50,000ක් බැගින් වූ මුදලක් දීමනා වශයෙන් වැටුපට එක් කිරීමට සූදානම් බව දේශපාලන ආරංචි ම...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකතන බිල වශයෙන් රුපියල් 50,000ක් බැගින් වූ මුදලක් දීමනා වශයෙන් වැටුපට එක් කිරීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
දැනට සිදු වන්නේ ජංගම දුරකතන සඳහා රුපියල් 2000ක මුදලක්ද, ස්ථාවර දුරකතන දෙකකට රුපියල් 20,000ක මුදලක්ද බිල්පතට ගෙවීමය.
බිල්පත් ගෙවීම වෙනුවට රුපියල් 50,000ක මුදලක් අතට ලබාදෙන ලෙසට මන්ත්‍රීවරු ගණනාවක් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට යන බව රජයේ ආරංචි මාර්ග පවසයි.
මෙම දීමනාව ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් නිකුත් කිරීමට නියමිතය.
COMMENTS