පසුගියදා රියෝ ඔලිම්පික් තරගාවලියේ මීටර 5000 කාන්තා ඉසව්ව අතරතුර ඇමරිකානු ක‍්‍රීඩිකාවක ඇද වැටීමෙන් පසු එයට හසුවූ නවසීලන්ත ක‍්‍රීඩිකාවද ඇද වැට...
පසුගියදා රියෝ ඔලිම්පික් තරගාවලියේ මීටර 5000 කාන්තා ඉසව්ව අතරතුර ඇමරිකානු ක‍්‍රීඩිකාවක ඇද වැටීමෙන් පසු එයට හසුවූ නවසීලන්ත ක‍්‍රීඩිකාවද ඇද වැටී පසුව නවසීලන්ත ක‍්‍රීඩිකාව තරගය ගැන නොසිතා අනෙකාට උදව් කිරීමත් තරගෙන් පසු රෝද පුටුවක සිටියදී ඇමරිකානු ක‍්‍රීඩිකාව අනෙකාට ස්තූති පිදීමත් ලෝකයේ අවධානයට ලක්වූ සිදුවීමක් වුණා.
මෙම සිද්ධිය නිසා මීටර් 5000 අර්ධ අවසන් වටය එම දෙදෙනාටම අහිමිව ගිය නමුත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විශේෂ තීරණයක් ලබාගෙන මේ දෙදෙනාට සම්මාන පිරිනැමීමට තීරණය කර තිබෙනවා.
ඔලිම්පික් ක‍්‍රීඩා ගුණය ලෝකය හමුවේ මැනවින් ප‍්‍රදර්ශනය කර ලොවට ආදර්ශයක් සැපයීම වෙනුවෙන් නවසීලන්තයේ නිකී හැම්බ්ලින් හා ඇමරිකාවේ ඇබි ඞී ඔගස්ටිනෝ දෙදෙනා මෙම සම්මානයට ලක්වුණා.
මේ ආකාරයේ සම්මාන ඔලිම්පික් ඉතිහාසය තුළ අවස්ථා 17 කදී පමණක් පිරිනමා ඇති අතර මෙය 18 වැන්න බවද පැවසුණා.

COMMENTS