දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රවීව පැත්තකට කිරීමට චන්ද්‍රිකා ඇතුළු තුන්කට්ටුවක් දැඩි උත්සාහයක...
Homeගොසිප්

රවීව පැත්තකට කිරීමට චන්ද්‍රිකා ඇතුළු තුන්කට්ටුවක් දැඩි උත්සාහයක...

PropellerAds

රවී කරුණානායක මහතා වෙත නැවත මුදල් අමාත්‍යාංශය භාර දීම වැලැක්වීම සඳහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්...

ජීවිත බේරාගත් අය වෙනුවෙන් නම්බුව දේශපාලකයින් ගනී (අඟහ කාටූන්)
මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් කිරුළ ඕෂධීට ලැබුණයි හැඟවුවත් -ඇත්තටම ලැබුන‍ෙ බාබරාටලු
ආපදා කළමනාකරණ ඇමති අනුර ප්‍රියදර්ශන ගංවතුරින් අතුරුදන් බවට සමාජ ජාල පණිවිඩ


රවී කරුණානායක මහතා වෙත නැවත මුදල් අමාත්‍යාංශය භාර දීම වැලැක්වීම සඳහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම හා මහා බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී යන තිදෙනා දැඩි උත්සාහයක් ගනිමින් සිටින බව වාර්තා වෙයි. 

මේ මොහොතේ රට තුළ මූල්‍ය ස්ථාවරභාවයක් ඇති කිරීමට රවී කරුණානායක මහතා විශාල වෙහෙසක් ගන්නා බවත් එය ඔහුට කළ හැකි බව ඔවුන් තිදෙනා හොඳින්ම දන්නා නිසාත් රවී කරුණානායක මහතාව පසුපසට කර තැබීම ඔවුන්ගේ අරමුණ බව සඳහන්.

මෙහි ඇති රසවත්ම කාරණය වන්නේ මුදල් අමාත්‍යාංශය හසුරුවන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් නම් කරන ලද අමාත්‍ය මංගල සමරවීර, මනෝ තිත්තවැල්ල හා දෙශාල් ද මෙල් යන තිදෙනා වීමයි.

මේ වන විට රවී කරුණානායක මහතාට බාධාවක්ව සිටින වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා පිළිබඳ විශේෂ සටහනක් තැබිය යුතුය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේදීද ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා අරලිය ගහ මන්දිරයේ පැවති සෑම ආර්ථික කමිටු රැස්වීමකටම සහභාගී වී තිබේ.

විශිෂ්ට ගණයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන කුමාරස්වාමී මහතාගේ සහෝදරිය වන රාධිකා කුමාරස්වාමී මහත්මිය පාලනය කිරීම සඳහා ඔහුව රජපක්ෂවරු තමන් වෙත නතු කර ගෙන තිබේ.

වත්මන් ආණ්ඩුව තුළද අගමැතිවරයාගේ සමීපතමයෙකු ලෙස ගැනෙන මලික් සමරවික්‍රම මහතා විසින් කුමාරස්වාමී මහතාව ඔවුන්ගේ පාර්ශවයට නම්මවා ගෙන ඇත. යහපාලන ආණ්ඩුවේ මහ බැංකු අධිපතිවරයාව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව නිසා එම ධූරයේ තවදුරටත් රැඳී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගතවීමත් සමඟ ඒ සඳහා ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා ගෙන ඒමට චන්ද්‍රිකා කුමාරතුංග මලික් සරවික්‍රම හරහා මැදිහත් වී තිබේ. ඒ අනුව චරිත රත්වත්තේ මහතා විසින් ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතාව මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කර ඇත.

මේ අතර මහ බංකුවේ වර්තමාන තත්ත්වය පිළිබඳ එහි වෘත්තීය සමිති ද අපූරු හෙළිදරව්වක් සිදු කරයි. මහ බැංකුවේ වෘත්තීය සමිති පවසන ආකාරයට ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා සමඟ සමීපව කටයුතු කරන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුව දුර්වල කර ආර්ථිකය අස්ථාවර කිරීමට උත්සහා දරමින් තිබේ.

(LNW)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29326,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රවීව පැත්තකට කිරීමට චන්ද්‍රිකා ඇතුළු තුන්කට්ටුවක් දැඩි උත්සාහයක...
රවීව පැත්තකට කිරීමට චන්ද්‍රිකා ඇතුළු තුන්කට්ටුවක් දැඩි උත්සාහයක...
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmXGVkfRGQbFUGv2rLSVAU_5p-I_XdoqA9ADMaR0y2aAOAWBWLHZ6E3d5wse4rpXuoRxSqcBQFgpumKE7niPQL1vGn63UikVUurfVD2eY97TzV7kdwrWYxxP_urQMZ0G5ECPnKzJazBBpb/s1600/Ravi_Chandrika.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmXGVkfRGQbFUGv2rLSVAU_5p-I_XdoqA9ADMaR0y2aAOAWBWLHZ6E3d5wse4rpXuoRxSqcBQFgpumKE7niPQL1vGn63UikVUurfVD2eY97TzV7kdwrWYxxP_urQMZ0G5ECPnKzJazBBpb/s72-c/Ravi_Chandrika.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_703.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_703.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy