ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජන සටන පාද යාත්‍රාවේ ආරම්භක දිනය වන ජූලි මස 28වනදා ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාම විහාරස්ථානය අසලදී ගිලන් රථයක...
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජන සටන පාද යාත්‍රාවේ ආරම්භක දිනය වන ජූලි මස 28වනදා ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාම විහාරස්ථානය අසලදී ගිලන් රථයකට පහරදී අලාභ හානි සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවන් 02ක් ඊයේ (01) පේරාදෙනිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් පුද්ගලයින් දෙදෙනා මහකන්ද සහ හිඳගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පැවසෙන අතර ඔවුන් අද (02) දින මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ සිදුකරමින් පවතින බව පේරාදෙනිය පොලීසිය සඳහන් කරයි.
මහනුවර - කමල් සුරවීර
COMMENTS