බස්නාහිර පළාතේ ජනප්‍රිය පාසල් 21ක් සඳහා පළමු වසර පන්තියක් අලුතෙන් ආරම්භ කරන ලෙස බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා පළාත් අධ්‍යාපන අධ්‍යක්...
බස්නාහිර පළාතේ ජනප්‍රිය පාසල් 21ක් සඳහා පළමු වසර පන්තියක් අලුතෙන් ආරම්භ කරන ලෙස බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට යෝජනා කර ඇති බවත් එයින් ගම්බද පාසල් තවදුරටත් වැසීයාමේ තර්ජනයකට මුහුණපාන බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ප්‍රකාශ කරයි.
ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරා වෙත යැවූ ලිපියකිනි.
ඒ පිළිබඳ අදහස් දැක්වූ ජෝශප් ස්ටාලින් මහතා කියාසිටියේ බස්නාහිර අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශ මහතා සිය යෝජනාව මගින් ජයවර්ධනපුර කලාපයේ පාසල් 03ක, පිළියන්දල කලාපයේ පාසල් 02ක, හෝමාගම පාසල් 02ක, කොළඹ කලාපයේ පාසල් 04ක, ගම්පහ පාසල් 02ක, කැළණිය පාසල් 02, කළුතර පාසල් 03ක, මතුගම පාසලක හා හොරණ පාසලක පළමු වසර පන්තියක් අලුතෙන් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට දන්වා ඇති බවයි.
එය ක්‍රියාත්මක වුවහොත් ගම්බද පාසල් වැසීයාමේ ඉඩකඩ වැඩිවන බවත් අලුතෙන් පන්තියක් එක්කරන අදාළ පාසල්වලට තවත් වසර කිහිපයකින් ඉඩකඩ පිළිබඳ ප්‍රශ්න මතුවන බවත් ස්ටාලීන් මහතා කියාසිටියේය.
ඒ අනුව ගුරු සංගමයේ ලේකම්වරයා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ මෙම කටයුත්ත වහාම නවත්වන ලෙසයි.
මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත්තේ තමන්ට ඒ පිළිබඳව කිසිවක් කීමට නොහැකි බවත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන් ඒ සම්බන්ධව විමසන ලෙසත්ය.
COMMENTS