යාපනය ඉලවාලෙයි පොලිස් වසමට අයත් වඩලිඅඩෙයිප්පු කෝවිල ඉදිරිපිට දින 20ක් වයසැති කුඩා බිළිඳෙකු කාඩ්බෝඩ් පෙට්ටියක දමා ගොස් තිබියදී ඊයේ (07) උදෑ...
යාපනය ඉලවාලෙයි පොලිස් වසමට අයත් වඩලිඅඩෙයිප්පු කෝවිල ඉදිරිපිට දින 20ක් වයසැති කුඩා බිළිඳෙකු කාඩ්බෝඩ් පෙට්ටියක දමා ගොස් තිබියදී ඊයේ (07) උදෑසන හමු වූ බව ඉලවාලෙයි පොලීසිය ප්‍රකාශ කරයි.
වඩලිඅඩෙයිප්පු කෝවිල ඉදිරිපිට පිහිටි නිවසක ගේට්ටුව අසල කාඩ්බෝඩ් පෙට්ටියක් දුටු එම නිවසෙහි හිමිකරු විසින් අදාළ පෙට්ටිය පරික්ෂා කිරීමේදී පෙට්ටිය තුල බිළිදෙකු දැක ඒ බව ඉලවාලෙයි පොලීසියට දැනුම් දී ඇත.
අදාල දැනුම් දීමෙන් පසුව එම අවස්ථාවේදීම අදාළ ස්ථානයට පැමිණි ඉලවාලෙයි පොලිස් නිලධාරීන් විසින් කාඩ්බෝඩ් පෙට්ටිය තුල සිටි පිරිමි දරුවෙකු ඉවතට ගෙන එම අවස්ථවේදීම තෙලිප්පලෙයි රෝහල වෙතුට රැගෙන ගොස් තිබේ.
තෙලිප්පලෙයි රෝහලේ වෛද්‍යවරුන් විස්න දරුවා පරික්ෂා කිරීමෙන් පසුව ප්‍රකාශ කොට ඇත්තේ මෙම බිළිඳා දින 20ක් පමණ වයසැති දරුවෙකු බවටත් දරුවා නීරෝගිමත්ව සිටින බවටත්ය.
මේ වන විට බිළිඳා යාපනය ළමා රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබා දෙන අතර දරුවාගේ අයිතිකරුවන් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
දරුවාගේ අයිතිකරුවන් සොයා පුළුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බව ඉලවාලෙයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටී.
ඡායාරූප පහතින්.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS