දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විජය නන්දසිරි මහතාගේ අවසන් කටයුතු 11දා
Homeප්‍රවෘත්ති

විජය නන්දසිරි මහතාගේ අවසන් කටයුතු 11දා

PropellerAds

අභාවප්‍රාප්තවූ ප්‍රවීණ රංගධරයෙක් සහ වේදිකා නාට්‍ය නිෂ්පාදකයෙක්ද වූ විජය නන්දසිරි මහතාගේ අවසන් කටයුතු ලබන 11 වනදා සිදු කිරීමට නියමිතය. විජ...

දුම්කොළ වගාව අනතුරේ : ගොවියන් බුදුන් සරණ යයි.
2020 වනවිට බෝ නොවන රෝග 1/3 ක් පාලනය කරනවා - රාජිත සේනාරත්න
මත්තල ගුවන් තොටුපල ගැන කරන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්න - මහින්ද අමරවීර
විජය නන්දසිරි මහතාගේ අවසන් කටයුතු 11දා

අභාවප්‍රාප්තවූ ප්‍රවීණ රංගධරයෙක් සහ වේදිකා නාට්‍ය නිෂ්පාදකයෙක්ද වූ විජය නන්දසිරි මහතාගේ අවසන් කටයුතු ලබන 11 වනදා සිදු කිරීමට නියමිතය.

විජය නන්දසිරි මහතා ඊයේ (08) අභවප්‍රාප්ත විය. මියයන විට 69 වැනි වියේ පසු වූ ඒ මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට කළුබෝවිල මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාව වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 

1966 අමරදාස ගුණවර්ධනයන් නිෂ්පාදනය කළ විදුර දේව නාට්‍යය හරහා ප්‍රසිද්ධ වේදිකාවට පැමිණි විජය නන්දසිරි මහතා අවසන් වශයෙන් දායක වූ රංගනය වන්නේ පෙරේදා කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයේදී වේදිකාගත වූ අජිත් මෙන්ඩිස්ගේ අලුත් හොරෙක් ඕනෑ නාට්‍යයයි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමරා චරිතය තුළින් සිය ප්‍රතිභාපූර්ණ රංගන කෞෂල්‍යය මැනවින් ප්‍රකට කළ විජය නන්දසිරි මහතා අනතුරුව සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු, මහාසාර, නාට්‍යවලටද, දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑණා, ජසයා හා ලෙංචිනා, ආනන්ද ජවනික, ටී.බී. ඉලංගරත්නයන්ගේ ශෛලාසනය, ලූෂන් බුලත්සිංහලයන්ගේ තාරාවෝ ඉගිලෙති, හෙන්රි ජයසේනයන්ගේ කුවේණි සහ ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ 'ඒකාධිපති', හේමසිරි ලියනගේගේ 'නරියා සහ කේජු කෑල්ල' සයිමන් නවගත්තේගමයන්ගේ 'සුභ සහ යස' ආදී වේදිකා නාට්‍ය 50කට අධික සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබාදුන්නේය.

එසේම ඔහු නිර්මාණය කළ 'වෘෂභ රාජ' සහ 'කුස පබාවතී' නාට්‍යද බොහෝ ප්‍රේක්ෂක අවධානයට ලක්විය. එසේම ඔහු මෑතකාලීනව රංගනයෙන් දායක වූ රවීන්ද්‍ර ආරියරත්නගේ 'බල්ලොත් එක්ක බෑ', අජිත් මෙන්ඩිස්ගේ 'අලුත් හොරෙක් ඕනෑ', සරත් කුලාංගගේ 'දෙයියොත් දන්නෙ නෑ' සහ ප්‍රියන්ත රංජන්ගේ 'මල්වඩම් අනවශ්‍යයි' නාට්‍යද ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ රංගගත කෙරිණි.

ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ නෑදෑයෝ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි විජය නන්දසිරි යස ඉසුරු, සඳකඩ පහණ, බංගලි වළලු, සසර සහ රේල් පාර, බහුබූතයෝ, සිකුරු හතේ, කිං හන්තර් සිනමා පට සේම මෑතකාලීනව ප්‍රදර්ශනය වූ ගිරිරාජ් කෞෂල්‍යගේ සුහද කොකා හරහාද බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි කරගැනීමට සමත් විය.

එමෙන්ම සිරස රූපවාහිනියේ විකාශය වූ 'පුංචි පහේ මං' වැඩසටහනේ නිවේදකයා වශයෙන් ඔහු සිය රසික ප්‍රජාව තව තවත් පුළුල් කරගන්නටද සමත් විය. සිය රංගන හැකියාව හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය මැනවින් දිනාගත් විජය නන්දසිරි මහතාගේ දේහය මේ වනවිට 156/1, ටෙම්ප්ලර්ස් පාර, කලාපුර, ගල්කිස්ස ලිපිනයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (11) සිදු කිරීමට නියමිතව තිබේ.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විජය නන්දසිරි මහතාගේ අවසන් කටයුතු 11දා
විජය නන්දසිරි මහතාගේ අවසන් කටයුතු 11දා
http://ift.tt/2aH6f5l
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy