දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'නිල මෙහෙවර' වෙනුවෙන් ජනපති - අගමැති අද පොළොන්නරුවට
Homeප්‍රවෘත්ති

'නිල මෙහෙවර' වෙනුවෙන් ජනපති - අගමැති අද පොළොන්නරුවට

PropellerAds

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා ගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතා ගේ උපදේශකත්වය මත ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ  ...

බිඳුණු තල්වැට පාමුල සිඳීගිය ජීවිතයක මතක! :
අලුත් ව්‍යවස්ථාව ප්‍රථම නිල ලියැවිල්ල අද එළි දකී.
20 රැකගත යුතුයි - වික්‍රමබාහු කරුණාරත්න
'නිල මෙහෙවර' වෙනුවෙන් ජනපති - අගමැති අද පොළොන්නරුවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වය මත ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ පූර්ණ දායකත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ලද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මසක් පුරා පැවැති  “නිල මෙහෙවර“ ජාතික ජංගම සේවා වැඩසටහනෙහි සමාප්ති උත්සවය අද (30) පෙ.ව. 7.00 සිට රාත්‍රී 10.00 දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැතිඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත්වෙයි.

 

 

 

2016 ජුලි මාසය පුරාම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි මෙම ජංගම සේවාව මේ වන විට අතිසාර්ථක ලෙස පවත්වා අවසානය. ඒ අනුව ජුලි 01-02 මැදිරිගිරියජුලි 07 ඇළහැරජුලි 08-09 හිගුරක්ගොඩජුලි 12 වැලිකන්දජුලි 16 දිඹුලාගලජුලි 17 ලංකාපුරජුලි 22-23 තමන්කඩුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන්හි නිල මෙහෙවර ජංගම සේවාව පැවැත්විය.

 

 

 

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවරෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවමෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවආගම විගමන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන,දෙපාර්තමේන්තු ගණනාවක් සහ රජයේ අමාත්‍යාංශ 53 ක නිලධාරින්ගේ සක්‍රීය දායකත්වය මේ සඳහා හිමි වුණි.

 

 

ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට පවත්වා අවසන් වූ ප්‍රාදේශිය ජංගම සේවා 7සඳහා සහභාගී වූ මුළු ප්‍රතිලාභීන් සංඛ්‍යාව 42,734කි. එයින් 36,168 ක ගැටලු විසඳාලීමට හැකිවිය. එය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස අනුව මෙසේය. මැදිරිගිරිය සහභාගී වූ සංඛ්‍යාව 8108 ක් වූ අතර විසඳුණු ගැටලු 5405 කි. හිගුරක්ගොඩ  සහභාගී වූ සංඛ්‍යාව 7180 ක් වූ අතර විසඳුණු ගැටලු 6929කි. ඇලහැර සහභාගී වූ සංඛ්‍යාව 4888 ක් වූ අතර විසඳුණු ගැටලු 3994 කි. වැලිකන්ද සහභාගී වූ සංඛ්‍යාව 6625 ක් වූ අතර විසඳුණු ගැටලු 6209 කි. දිඹුලාගල සහභාගී වූ සංඛ්‍යාව 5017 ක් වූ අතර විසඳුණු ගැටලු 3974 කි. තමන්කඩුව සහභාගී වූ සංඛ්‍යාව 6682 ක් වූ අතර විසඳුණු ගැටලු 6424 කි. ලංකාපුර සහභාගී වූ සංඛ්‍යාව 4234 ක් වූ අතර විසඳුණු ගැටලු 3233 කි.

 

 

මෙම ජංගම සේවාවෙහි විශේෂත්වය වූයේ ජනතාවගෙන් අය කිරීමක් නොමැතිව උප්පැන්න,විවාහමරණ සහතික සහ ජාතික හැඳුනුම්පත් ලබාදීමය. එයට අමතරව වෛද්‍ය සායන හා ඇස් කණ්ණාඩි ලබාදීමසමෘද්ධිවැඩිහිටිදීමනාවිශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම,කුඩා ව්‍යාපාර සඳහා ණය ලබාදීමඅධ්‍යාපන සම්මන්ත්‍රණ - අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමඉඩම් ගැටලු නිරාකරණය කිරීමස්වයං රැකියා අවස්ථා සැකසීමආගමික ස්ථාන සඳහා ප්‍රතිපාද ලබාදීමක්‍රීඩා උපකරණ ලබාදීම ඇතුළු සේවාවන් රැසක් සිදු විය. 

 

 

 පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතාවට අදාළ ඉඩම් ගැටලූ තිබෙන බවට වාර්තා වු අතර එබැවින් මෙම ජංගම සේවාව මගින් ඉඩම් අමාත්‍යංශය යටතේ ඇති ආයතන හා ශි‍්‍ර ලංකා මහවැලි අධිකාරිය හරහා ජනතාවට තම ඉඩම් ගැටලූ නිරවුල්කර ගැනීමේ අගනා අවස්ථාවක් උදාවිය. එමෙන්ම මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවආගමන හා විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකින් සපයනු ලබන සේවාවන් රැසක් මෙහිදී සිදුවිය.

 

 

 

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතාව මුහුණදෙන අලි මිනිස් ගැටුම ආදී විවිධ ගැටලූ සඳහා තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය හා එයට අනුබද්ධ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් හමුවී විසඳුම් ලබාගැනීමට මෙම ජංගම සේවාව මගින් පහසුකම් සලසා තිබු අතර පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ තරුණ තරුණියන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන හා පුහුණු වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීම සඳහා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය යටතේ ඇති ආයතනයන්හි නිලධාරින්ගේ සේවයද මේ සඳහා හිමි විය.

 

 

ජනතාවගේ ගැටලූ හා අවශ්‍යතා හඳුනාගෙන ඔවුන් වෙතම ගොස් විසදාලීමේ අරමුණින් රාජ්‍ය අංශයේ සියලූ ආයතනයන්ගෙන් හා ජනතාවට වඩාත් සමීප ඇතැම් පෞද්ගලික ආයතන මෙම ජංගම සේවාව සඳහා එක්ව තිබීම පිළිබඳව හා ජනතාව ඒ පිළිබඳව මනා උනන්දුවකින් මේ සඳහා සහභාගී වීම තුළ මෙහි සාර්ථකත්වය දැකගත හැකිවිය.

 

 

සාමාප්ති දින රාජ්‍ය ආයතන 135 ක් සහ පෞද්ගලික ආයතන විශාල ප්‍රමාණයක් මෙම අවස්ථාව සඳහා  සේවා සැපයීම සඳහා එක්වීමට නියමිතයි.

 

 

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ වන මෙම ජනතා මෙහෙවර මුළු දිවයින පුරා ව්‍යාප්ත කරමින් ජනතාවගේ නොවිසඳුණු ගැටලූ විසඳාදීම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒකායන පරමාර්ථයයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'නිල මෙහෙවර' වෙනුවෙන් ජනපති - අගමැති අද පොළොන්නරුවට
'නිල මෙහෙවර' වෙනුවෙන් ජනපති - අගමැති අද පොළොන්නරුවට
http://ift.tt/2amwzT3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/07/blog-post_73.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/07/blog-post_73.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy