ඒකාබද්ධ විපක්ෂය විසින් මහනුවර සිට කොළඹ දක්වා දියත් කර ඇති ජන සටන පාද යාත්‍රාව හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රන...
ඒකාබද්ධ විපක්ෂය විසින් මහනුවර සිට කොළඹ දක්වා දියත් කර ඇති ජන සටන පාද යාත්‍රාව හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇතිකරගෙන තිබෙන සහයෝගීතාවට කිසිදු හානියක් සිදුනොවන බව අමාත්‍ය සාගල රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රටේ ජනතාවට පොරොන්දු වී ඇති පරිදි රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට තමන් ඇතුළු රජය බැඳී සිටින බව ද ඒ මහතා තම නිවේදනයෙන් දන්වා සිටී.
එබැවින් කිසියම් පිරිසක් විසින් පා ගමනක් පැවැත්වීම රජයට ගැටළුවක් නොවන බවත් ඒ සඳහා උපරිම ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කියාසිටී.
ඊයේ (28) නිකුත් කළ එම නිවේදනය මඟින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නීතියේ ආධිපත්‍යය සුරැකීම ශක්තිමත් නීරෝගී ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණයක් බවයි.
ඒ අනුව කිසිම විරෝධයකට හෝ විරෝධතාකරුවෙකුට රටේ නීතිය කඩ කිරීමට කිසිදු ඉඩක් ලබාදී නොමැති බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට උනන්දුවන්නා සේම නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට ද කැපවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් තම නිවේදනයේ සඳහන් කොට තිබේ.
COMMENTS