උතුරු පළාත තුළ සිංහල හා මුස්ලිම් ජනතාව පදිංචි කරවීම පිළිබදව එම පළාතේ සියලු දෙනාම පාහේ විරෝධය පළ කරන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. ...
උතුරු පළාත තුළ සිංහල හා මුස්ලිම් ජනතාව පදිංචි කරවීම පිළිබදව එම පළාතේ සියලු දෙනාම පාහේ විරෝධය පළ කරන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කොට ඇත්තේ ඊයේ (29) කැනේඩියානු විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියෝන් මහතා සමග පැවති සාකච්ඡාවක දීය.
උතුරු පළාත් සභාවත් දෙමළ ජාතික සන්ධානයත් දෙමළ වැසියනුත් මේ විරෝධතාවය දක්වන්නේ ඒ කිසිදු අයෙකු සිංහල හා මුස්ලිම් වැසියන් කෙරෙහි දක්වන වෛරයක් හෝ ක්‍රෝධයක් නිසා නොව රජය බලහත්කාරයෙන් එම වැසියන් උතුරේ පදිංචි කොට නව ජනාවාස ඇති කරන විට ඉන් අනවශ්‍ය ප්‍රශ්න ඇති වන නිසා බව ද ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී සදහන් කොට තිබේ.
දෙමළ ජාතික සන්ධානය විසින් උතුරු නැගෙනහිර පළාත් දෙක එක් කර ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදාහැරෙන ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටින්නේ රට දෙකඩ කිරීමට නොව දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට බව ද සී.වී. විග්නේෂ්වරන් මහතා කැනේඩියානු විදේශ අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී වැඩිදුරටත් පැහැදිලි කර ඇත.
දිනසේන රතුගමගේ
COMMENTS