දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවෙන් යන්න හිටි අය නවතී - මහින්ද ශ්‍රීලනිපයට.
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවෙන් යන්න හිටි අය නවතී - මහින්ද ශ්‍රීලනිපයට.

PropellerAds

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රීවරුන් යලි පක්ෂය වෙත එකතු කරගැනීම සඳහා සාකච්ඡා පැ...

හරක් කටා කෑම පාර්සලයකට ලක්ෂ ගණන් වියදම් කරණ බවට හෙළිදරව්වක්!
අරගල නායක දානිෂ් අලිට කොටුව දුම්රිය අරගලකරුවන්ගෙන් ගුටි වරුසාවක්! (VIDEO)
පුලුස්සා වලලන්නැයි නිර්දේශිත රජයේ ගොවිපලේ වෛරස රෝගී ගවයන් 450ක් මස් කර වෙලදපලට!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රීවරුන් යලි පක්ෂය වෙත එකතු කරගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරුන් තිදෙනකු පත්කර ඇත. 

ජනාධිපතිවරයා විසින් එම වගකීම පවරා ඇත්තේ ජෝන් සෙනෙවිරත්න, අනුර යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත යන අමාත්‍යවරුන් වෙතය.

ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉදිරි දිනෙක එම සාකච්ඡාව සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

ආණ්ඩුවෙන් යන්න හිටි අය පීල්ල මාරුකරති

යහපාලන ආණ්ඩුවේ ගිවිසුම් කාලය නිමවීමත් සමඟ ඉන් ඉවත්වීමට සූදානම්ව සිටි ශ්‍රීලනිප මැති ඇමැතිවරු පිරිස තවදුරටත් ආණ්ඩුවේම රැඳී සිටීමට තීරණය කර ඇති බව එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෙක් දේශයට පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පසුගියදා පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවත් එහෙත් එය තාවකාලික තීරණයක් බවත් ඔහු සඳහන් කළේය. 

එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගෙන් ලැබුණු සාධනීය කරුණු කාරණා කිහිපයක් නිසා මෙම තීරණය ගෙන තවදුරටත් ආණ්ඩු පක්ෂයේ රැඳී සිටීමේ තීරණය ගෙන තිබේ.

මෙම තීරණය ආණ්ඩුවෙන් ඉවත්වීමට සිටි මැති ඇමැතිවරු 12 දෙනා එක්ව ගත් සාමූහික තීරණයක් බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්නේ නෑ - වෙල්ගම

තමා පාරම්පරික ශ්‍රී ලංකාකාරයකු බැවින් කිසි දිනෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්නේ නැතැයි හිටපු ඇමැති ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ධුරයක්ද හොබවන කුමාර වෙල්ගම මහතාට මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවත්සරයට ආරාධනා කර නොතිබිණ.

මේ මොන බාධක ආවත් තමන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු බවද වෙල්ගම මහතා පැවැසීය.

පසුගියදා බදුල්ලේදී පොදුජන නිදහස් පෙරමුණ සංවිධානය කළ පළමු රැස්වීම සංවිධාන කටයුතු භාරව කටයුතු කෙළේ කුමාර වෙල්ගම මන්ත්‍රිවරයායි.

ශ්‍රීලනිප ආණ්ඩුවකට අගමැති පුටුව හරහට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පක්ෂ හා එක්ව ආණ්ඩුවක් පිහිටුවීමේ උත්සාහයට අගමැති පුටුව හරස් වී ඇත.

ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී . ල. නි. ප. ආණ්ඩුවක් පිහිටුවීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීමට යෑමේදී මේ ගැටලුව පැන නැඟී ඇති බව, එම පක්ෂයේ ජේ‍යෂ්ඨයෙක් පැවැසීය.

එසේ ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් අගමැති තනතුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත හිමිවිය යුතු බවට ඉදිරිපත් වූ යෝජනාව මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇතැයි පැවැසේ.

හිටපු කතානායකවරයකු වන චමල් රාජපක්ෂගේ නමද එම තනතුර සඳහා යෝජනා වී ඇතැයිද දැනගන්නට ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු කොටස් ඒකරාශී කර ගනිමින්, ශ්‍රී ල. නි. ප. ආණ්ඩුවක් පිහිටුවීමට ඉදිරිපත්වී ඇති යෝජනාවට, ජනාධිපතිවරයා විරුද්ධත්වයක් දක්වා නොමැති බවත්, පදනමක් ඇතිව ඇතිකර ගන්නා එකඟතාවකට තමා කෙරෙහි අකැමැත්තක් නොමැති බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවද දැන ගන්නට ඇත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ල. නි. පක්ෂ මන්ත්‍රිවරු හා ආණ්ඩුවට එක්ව සිටින ශ්‍රී ල. නි. ප. මැති ඇමැතිවරු පිරිසක් ද මේ පිළිබඳව ඉකුත් සතියේ කොළඹදී සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇත.

මීළඟ මහ මැතිවරණය තෙක් ආණ්ඩුවේ රැඳී සිටිමින් ශ්‍රී ල. නි. ප. ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බවද වාර්තා වෙයි.

ශ්‍රී ල. නි. පක්ෂයට සම්බන්ධ කණ්ඩායමක් මෙහෙයවන පොදු ජන පෙරමුණ වටා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් විශාල පිරිසක් ඒකරාශි වී සිටින බැවින් එම පෙරමුණට ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදී ශ්‍රී ල. නි. පක්ෂයට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත හැකි බවට විශ්වාසය පළවී ඇත.

එම පසුබිම යටතේ ශ්‍රී ල. නි. ප. ය සමඟ එක්වී ආණ්ඩුවක් පිහිටුවීමට සහාය දැක්වීමේ අවශ්‍යතාවක් නොමැති බවට අදහස් පළවී ඇති බවද දැනගන්නට ඇත.

මහින්ද රාජපක්ෂ මහතා වටා රට පුරා සෑම ප්‍රදේශයකම ජනපදනමක් ගොඩනැඟී ඇති බැවින් රාජපක්ෂ මහතාගේ සහයෝගය ශ්‍රී ල. නි. පක්ෂයේ රජයක් පිහිටුවීමට ලබා නොදී පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය සඳහා ලබාදිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බව එම පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.


(නෙත්, ඉරිදා මව්බිම සහ දේශය ඇසුරිනි)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවෙන් යන්න හිටි අය නවතී - මහින්ද ශ්‍රීලනිපයට.
ආණ්ඩුවෙන් යන්න හිටි අය නවතී - මහින්ද ශ්‍රීලනිපයට.
http://ift.tt/2vUZJr4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_600.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_600.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy