දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

බන්ධනාගාරය අපායක් වගේ.. විස්සක් දාන කාමරේ තුන්සීයක් ඉන්නවා... වැසිකිළි නෑ... දැඩි තදබදයක් තියෙනවා - නාමල් හිරේ දුක කියයි

 අධිකරණයට බොරු තොරතුරු දීලා මේ රටේ අසරණ අහිංසක මිනිස්සුන්ව බොරු චෝදනා දාලා නඩු දාන එකට විරුද්ධව විනිශ්චකාරවරු  තීන්දුවක් දුන්නම, ඒ තීන්දුව ප...

 අධිකරණයට බොරු තොරතුරු දීලා මේ රටේ අසරණ අහිංසක මිනිස්සුන්ව බොරු චෝදනා දාලා නඩු දාන එකට විරුද්ධව විනිශ්චකාරවරු  තීන්දුවක් දුන්නම, ඒ තීන්දුව පැහැර හැරපු පොලිස්පතිවරයාට මොකක්ද වෙන්නේ කියන එකත් අපි බලාගෙන ඉන්නවා යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
 
ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින පාර්ලිමේන්තුව අමතමිනි

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

විශේෂයෙන්ම මේ විස මත්ද්‍රව්‍ය පාලනය මේ බොහෝ ආණ්ඩු හිතන් ඉන්නවා මේ විස මත්ද්‍රව්‍ය පාලනය කරන්න, නැත්නම් මේ මත්ද්‍රව්‍ය පාලනය කරන්න ආණ්ඩුවක් පත් වෙලා පොලිසියට ටාගට් එකක් දීලා කරන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් යථාර්ථය තමයි ටාගට් එකක් දීලා කරන්න බෑ. ඒ ක්‍රමය ෆේල්.  

මේ හැම ආණ්ඩුවක්ම උත්සාහ කරන්නේ දවසට තමන්ගේ ආණ්ඩුව තුළින් පොලිසිය අත්අඩංගුවට ගන්න ප්‍රමාණය වැඩි කරලා පෙන්නන්න. දැන් අපි දැක්කා පහුගිය දිනක ඊයේ දිනයේදී පොලිස්පතිවරයා එහෙම කරන්න ගිහිල්ලා අමාරුවේ වැටුණා. ඇයි? පොලිස්පතිවරයාත් තේරුම් ගන්න ඕනේ, ඔහු මේ මාලිමාවේවත්, ජේවීපී එකේවත් පොලිස්පතිවරයා නෙවෙයි.ඔහු  ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන්නේ. ආණ්ඩුවට කඩේ යන්න ගිහිල්ලා අවසානයේ මොකක්ද වුණේ?  

පොලිස්පතිවරයාටත් අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් ගොනු වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ විස මත්ද්‍රව්‍ය පාලනය කරන්න ඕනේ. ඒකේ සැබෑ මුලකරුවන්, ගෙන්වන අය, වෙළඳාම් කරන අයට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ කිසි කෙනෙක්ට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා කියන්නේ නැහැ.  

හැබැයි ආණ්ඩුව අත්අඩංගුවට ගැනීම සහ රිමාන්ඩ් කිරීම නම් විකල්පය විදිහට දකින්නේ, ඒ කාරණය සාර්ථක වෙන්නේ නැහැ කියන එකත් ආණ්ඩුව තේරුම් ගත යුතුයි කියන එක ගරු නියෝජ්‍ය කතානායකතුමනි මතක් කරන්න ඕනේ. 

මොකද මේ අත්අඩංගුවට ගන්නේ බහුතරයක් ඇබ්බැහිවූ අය. ඒ අය පුනරුත්ථාපනය කිරීමයි කරන්න ඕනේ.  

රනිල් වික්‍රමසිංහ  අගමැති  විදිහට ඉන්න කාලේ, පුනරුත්ථාපන මධ්‍යස්ථානය හදන්න අවශ්‍ය ඉඩම් ගත්තා. දැන් යම්කිසි හේතුවකින් නිසා ආණ්ඩුව මාරු වුනහම මේ ආණ්ඩුව තීන්දු කළා මේ පුනරුත්ථාපනය කරනවා වෙනුවට, හැමදාම අත්අඩංගුවට අරගෙන නිව්ස් එකේ දාන එක තමයි කළ යුත්තේ කියලා.  

අනේ ඉතින් පොලිස් මහත්තුරුත් මොකද කරන්නේ? ආණ්ඩුවේ ටාගට් එක දෙන්න ඕන හින්දා ගමේ ඉන්න කෙනා ගන්නවා, 54 ගහනවා දානවා. බන්ධනාගාර පිරෙනවා. අවසානයේ මොකක්ද වෙන්නේ? බන්ධනාගාර වල තදබදයකුත් ඇති වෙනවා. සමාජ විරෝධයකුත් ඇති වෙනවා, ගරු නියෝජ්‍ය කතානායකතුමනි.  

දැන් මේ බන්ධනාගාර ඇතුලේ තත්ත්වය බලන්න. මේවා නිකන් මිහිපිට අපායවල් වගේ. විස්සක් දාන්න පුළුවන් කාමරේ 300ක් ඉන්නවා. වැසිකිළි කැසිකිළි පහසුකම් නැහැ. දැඩි තදබදයක් තියෙනවා. ඒවා ගැන හොයන්නේ නැහැ. 

හැබැයි අවසානයේ මොකක්ද වෙන්නේ, ආණ්ඩුව තමන්ගේ නීතිය, තමන්ගේ ක්‍රියාකාරීත්වය පෙන්නන්න ගිහිල්ලා අහිංසක මිනිස්සුන්ව රිමාන්ඩ් කරනවා. දැන් ඒකට හොඳම උදාහරණය ඊයේ පොලිස්පතිවරයාට සිද්ධ වෙච්ච කාරණය. මේ  ළමයෙක් ගෙනිහිල්ලා 54 ගහලා දැම්මා කියලා මේක විසඳෙන්නේ නැහැ.  

දැන් ඉතින් මේ ග්‍රෑම් 10, 100 කරානේ. දැන් ඉතින් හෙට ඉඳන් පොලිසිය, ඔබතුමාලාගේ පොලිස්පතිවරයාට කරුණා කරලා කියන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හෙට ඉඳන් අල්ලන අයට ග්‍රෑම් 101ක් දාන්න එපා කියලා. 101ක් දාන්න ඇයි කියන්න ග්‍රෑම්. දැන් 10 වුණාම 11ක් දානවා, 100 වුණාම 101ක් දානවා.  

අවසානයේ මොකක්ද වෙන්නේ? අර අර න්‍යාය පත්‍රයම ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ හින්දා මේ බන්ධනාගාර ගත කිරීම, රිමාන්ඩ් කිරීම කියන එක මේ ආණ්ඩුව ලබපු මහා ලොකු ජයග්‍රහණයක් විදිහට දකින්න එපා. විශේෂයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්.  

ඒ සඳහා පුනරුත්ථාපනය කරලා නැවත සමාජගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්න ඕනේ. හැබැයි එක පැත්තකින් ඔබතුමන්ලා  බන්ධනාගාර පුරවනවා. හැබැයි අනිත් පැත්තේ නිලධාරීන්ගේ පැත්තෙන් අද දැවැන්ත හිඟයක් තියෙනවා බන්ධනාගාර නිලධාරීන්ගේ 

ගරු නියෝජ්‍ය කතානායකතුමනි. නිලධාරීන් නැහැ.  

​ඒ නිලධාරීන්ගේ පඩිය තමන් මහන්සි වෙන විදිහට, තමන්ගේ ජීවිත අවදානමක් ඇරන් කටයුතු කරන, ඒ කරන කැප වීමට පඩියක් ලැබෙනවද? අඩු ගානේ ආහාර දීමනාවක්, අඩු ගානේ අවදානම් දීමනාවක්,අද මේ කිසිම බන්ධනාගාර නිලධාරියෙක්ට අවදානම් දීමනාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඔබත් දන්නවා, මාත් දන්නවා, ඔවුන් ජීවිතයේ අවදානමක් අරගෙන තමයි මේ රස්සාව කරන්නේ.  

​මේ හැප්පෙන්නේ සංවිධානාත්මක අපරාධකරුවෝ එක්ක. ආණ්ඩුවට පාරේ යන මනුස්සයා වෙඩි තියෙන එක නවත්තගන්න බැරි නම්, දැන් ආණ්ඩුවේ ජනාධිපතිවරයත් පහුගිය කාලේ ගිහිල්ලා කිව්වනේ මේ මේ පොහොර කොට්ට ගණන් කුඩු ඇල්ලුවා කියලා. ඇල්ලුවාට ඉතින් සමාජයේ කුඩු අඩුවක් නැහැනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. 

​අපිට වාර්තා වෙන්නේ නැහැනේ කුඩු හිඟයක් හින්දා පාරේ මිනිස්සු සික් එක ඇවිල්ලා වැටෙනවා කියලා. එහෙම අරංචියක් වෙන්නේ නැහැනේ. තුවක්කු මෙච්චර ඇල්ලුවායි කිව්වා. තුවක්කු කොච්චර ඇල්ලුවා කිව්වත් ජනාධිපතිතුමා කිව්වට, අපිට වාර්තා වෙනවද වෙඩි තැබීම් අඩු වෙලා කියලා? හැම දවසකටම දෙකකට සැරයක් කොහේ හරි වෙඩි තියෙනවා. 

​ඒ කියන්නේ ආණ්ඩුවේ ක්‍රියාදාමය, ආණ්ඩුවේ වැඩපිළිවෙල ෆේල්. මේක සාර්ථකයි නම් පාරේ රටේ කුඩු භාවිතා කරන ප්‍රමාණයට යන සැපයුම අඩු වෙන්න එපැයි. හැබැයි අඩු වෙලා නැහැනේ. වරායේ කන්ටේනරයක් කුඩු පැන්නුවම, ඇල්ලුවම, ඒ කුඩු කන්ටේනරේ අල්ලපු කෙනාට විරුද්ධව ආණ්ඩුව පරීක්ෂණයක් කරනවා.  

බන්ධනාගාරය ඇතුළේ බෝට්ටුවලට අහු වෙච්ච අය අවුරුදු හත, අට රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්නේ. ඒවායේ මහා මොලකරුවෝ නැහැ. මහා පරිමාණ ව්‍යාපාරිකයෝ නැහැ. අවුරුදු 18, 19 මේ ළමයි  එක්කන් ගිහිල්ලා, මගදී බෝට්ටු ඇල්ලුවම, ඒ බෝට්ටුවේ කුඩු තියෙනවා කියලා ඒ ළමයි දන්නේත් නැහැ.  

​හැබැයි අල්ලලා ගෙනත් දානවා. ඇතුළට දානවා, අවුරුදු 6ක්, 7ක් අවුරුදු 20 ගණන්, 20දී බන්ධනාගාරගත දරුවා අවුරුදු 25, 30 වෙනකන් බන්ධනාගාරය ඇතුළේ ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඉතින් මේවා පිළිබඳව ප්‍රායෝගික ක්‍රියාවලියක් අනුගමනය කරන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි.  

​අනිත් පැත්තේ නිලධාරීන්ගේ, මේ නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ටික දෙන්න, අවදානම් දීමනාව දෙන්න, සමහර නිලධාරීන් සතියේ දවස් හතම ඩියුටි ගන්නවා. උදේ රෑ ඩියුටි ගන්නවා. නයිට් එක ඇදලා ආයේ උදෙත් ඩියුටිය කරලා පහුදාත් නයිට් එක කරන්න ඕනේ.  

​ඒ තරම් පීඩනයක්,දැන් වෙන රටවල් නම් බන්ධනාගාර නිලධාරීන්ට අඩුම ගානේ අවුරුද්දකට මාස දෙකක් පඩි ගෙවලා නිවාඩු දෙනවා. මානසිකව තමන්ගේ ගෙදර දරුවෝ එක්ක ජීවත් වෙන්න. අපි රිමාන්ඩ් වෙලා දුකෙන් ඉන්න අපේ දරුවෝ බලන්න විදිහක් නැහැ කියලා, මානුෂීය නෑ.  මනුස්සයාටත් ඒ ඒ මනුස්සයන්ගෙ දරුවෝ බලාගන්න විදිහක් නැහැ දවස් හතක් යනකන්.  

​එයා රිමාන්ඩ් වෙලා නෙවෙයි රස්සාව කරන්න ඇවිල්ලා. එයා රස්සාව කරන්න ඇවිල්ලා රිමාන්ඩ් වෙලා වගේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි බන්ධනාගාරය ඇතුළේ ජීවත් වෙලා ඉන්න තියෙන්නේ.

දැන් පහුගිය කාලේ කිව්වනේ දැන් නුවරඑළිය අයිස් ෆැක්ටරි තියෙනවා කිව්වා, කියපු නැති කාරණයක් නැහැනේ.  

​ඉතින් ඒ හින්දා වරායෙන් කන්ටේනර් 323ක් පැන්නුවා, ගල් අඟුරු වංචාව තියෙනවා, ඉතින් මේ මේ මේ කාරණා දිහා බලනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පැහැදිලිවම මේ කාරණය දිහා මීට වඩා විවෘත මනසකින් ආණ්ඩුව බලන්න ඕනේ.  

​ඒ වගේම තමයි මේ සඳහා ප්‍රායෝගිකව බලන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ප්‍රායෝගික ක්‍රියාදාමයකට යන්න ඕනේ. ඉතින් මේ නීති ගේන්න ඕනේ. හැබැයි ඒ වගේම තමයි මේ නීති ගේන්නේ ජනතාව රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නීතිපත්‍රයක් අනුමත වුණොත් ඒක තවදුරටත් සාර්ථක වෙන්නේ නැහැ.  

​දැන් පහුගිය මීගමුවේ සිද්ධියක් වුණා, මහර සිද්ධියක් වුණා, මැගසින් බන්ධනාගාරයේ සිද්ධියක් වුණා, නිලධාරීන් 10 දෙනෙක්ගේ ජීවිත නැති වුණා. හැබැයි එදා ඇමතිවරයා ගිහිල්ලා කිව්වා අරක දෙන්නම් මේක දෙන්නම්, දැන් පහුගිය කාලේ පහුගිය මාසයේ පහුගිය සතියේ කීපයකට කලින් තුන් මාසයේ දානේ තිබ්බා.  

​තුන් මාසයේ දානේ තිබ්බා මොකක්ද පොරොන්දු වෙච්ච  කිසිම දෙයක් උනාද එක පවුලකට කෝටියක් දෙනවා කිව්වා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අද කෝටියත් නැහැ ඇමතිත් නැහැ හොයාගන්න. අඩු ගානේ කතා කරලා තුන් මාසය දානෙට ඕන මොකක්ද වෙන්න ඕනේ කියලා අහන්න. එහෙම ඇහුවෙත් නැහැ. එහෙම ඇහුවෙත් නැහැ.  

​ඒ වගේම යුනිට් එකේ සමහර මාරුවීම්, පහුගිය කාලේ හමුදාවේ හිටපු අයයි, විශ්‍රාම ගියපු අයයි ගත්තා යුනිට් එකට, ඒ සමහර මාරුවීම් දේශපාලන උමනාව මත සිද්ධ වෙනවා කියන එක අද අපිට දැනගන්න තියෙනවා. ඉතින් මේවා ගැනත් ආණ්ඩුව හොයන්න ඕනේ.

 ඒ වගේම තමයි ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි තවත් පැත්තකින් මේ රටේ මේ සියලු කාරණා එක පැත්තකින් පොලිසිය තනිකර දේශපාලනීකරණය වෙලා, පොලිසිය තමන්ගේ තමන් මේ රටේ පොලිස් රාජ්‍යයට අරගෙන යනවා වගේ හැසිරෙනකොට, අනිත් පැත්තෙන් ජීවන වියදම වැඩි වෙනවා, විරැකියාව වැඩි වෙනවා.  

​දැන් පාන්පිටි මිල වැඩි වෙලා. හරි ප්‍රශ්නයක්. ඇයි පාරිභෝගික අධිකාරිය දන්නේ නැහැ. ඉතින් පාරිභෝගික අධිකාරියට ලැජ්ජ නැහැනේ මාධ්‍යට ඇවිල්ලා කියන්න පාන්පිටි මිල වැඩි වුණා කියලා දන්නේ නැහැ කියලා. පාන්පිටි මිල වැඩි වුණා කියලා දන්නේ නැහැ කියලා එයා කියනවා ගරු නියෝජ්‍ය කතා ලැජ්ජයි නේ.  ​අඩු ගානේ දන්නවා වගේ එක්කෝ ඉන්න ඕනේ, එක්කෝ ගිහිල්ලා අහගන්න ඕනේ.

දැන් ඇමතිතුමා පහුගිය කාලේ කියපු කතා එක සංසන්දනාත්මකව බලනකොට අද වෙනකොට හිතාගන්න පුළුවන්නේ කොතැනද තියෙන්නේ කියලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම තමයි අද අද මේ රටේ ඉතිහාසයේ මහා පාරට බැස්සේ නැත්තේ මහා සංඝරත්නය විතරයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි.  

​අද ඔබ තමුන්නාන්සේලාගේ ආණ්ඩුවට පින් සිද්ධ වෙන්න, ඔබ තමුන්නාන්සේලාගේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය නිසා, ඔබ තමුන්නාන්සේලාගේ ආණ්ඩුව මේ රටේ මහා සංඝරත්නයට කරන අසාධාරණය සහ බුද්ධ ශාසනයට කරන අසාධාරණය නිසා අද මහා සංඝරත්නයත් පාරට ඇවිල්ලා තමන්ගේ ශාසනය ආරක්ෂා කරගන්න තැනට කතා කරන තැනට පත් වෙලා තියෙනවා. ඉතින් අපි බලාගෙන ඉන්නවා.  ​අපි බලාගෙන ඉන්නවා.

 ඔබ තමුන්වහන්සේලාගේ ජනාධිපතිතුමාගේ නීතිය හැමෝටම සමානයි කිව්වනේ, දැන් අපි බලමු ගරු ඥානසාර හාමුදුරුවන්ටත් තියෙන චෝදනාවක් තමයි එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක් සම්බන්ධයෙන්  කරපු ප්‍රකාශයක්.  

​විශේෂයෙන්ම බුද්ධි අංශ නිලධාරීන් සහ රණවිරුවන්ව ආරක්ෂා කිරීම සඳහා කරපු ප්‍රකාශයකින් අධිකරණයට අපහාස උනා කියන කාරණය. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි බලාගෙන ඉන්නවා අධිකරණය පැහැර හැරලා, අධිකරණයට බොරු තොරතුරු දීලා මේ රටේ අසරණ අහිංසක මිනිස්සුන්ව බොරු චෝදනා දාලා නඩු දාන එකට විරුද්ධව විනිශ්චකාරවරු  තීන්දුවක් දුන්නම, ඒ තීන්දුව පැහැර හැරපු පොලිස්පතිවරයාට මොකක්ද වෙන්නේ කියන එකත් අපි බලාගෙන ඉන්නවා.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30547,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බන්ධනාගාරය අපායක් වගේ.. විස්සක් දාන කාමරේ තුන්සීයක් ඉන්නවා... වැසිකිළි නෑ... දැඩි තදබදයක් තියෙනවා - නාමල් හිරේ දුක කියයි
බන්ධනාගාරය අපායක් වගේ.. විස්සක් දාන කාමරේ තුන්සීයක් ඉන්නවා... වැසිකිළි නෑ... දැඩි තදබදයක් තියෙනවා - නාමල් හිරේ දුක කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEQw3kD_rAN3vw2hC70uJheAGJOQYNME5MKqGVUjGniKtAwosi5xplNZzVjNu19Xi9X3ZI7BjAh5t0oVHdaxJ2DJrO5xov8OK-kCvxJ0V7EftUbu5QcEaAXv6j6A9vwMQAmsFu2y9vRKGSG92xhP3u6uY7IBax7I0T5s4k8JFv0TbqssLxinwX2IBzVBmZ/s320/namal21.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEQw3kD_rAN3vw2hC70uJheAGJOQYNME5MKqGVUjGniKtAwosi5xplNZzVjNu19Xi9X3ZI7BjAh5t0oVHdaxJ2DJrO5xov8OK-kCvxJ0V7EftUbu5QcEaAXv6j6A9vwMQAmsFu2y9vRKGSG92xhP3u6uY7IBax7I0T5s4k8JFv0TbqssLxinwX2IBzVBmZ/s72-c/namal21.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/10/blog-post_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/10/blog-post_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy