දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

‘මාධ්‍යවේදීන් ජීවිතාන්තය දක්වා සිරගත වීමේ අවදානමක’- අලුත් පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණයට යයි

රජය විසින් ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' මඟින් මෙරට මාධ්‍ය නිදහස, මහජනතාවගේ මූලික අයිතිවාසිකම...

රජය විසින් ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' මඟින් මෙරට මාධ්‍ය නිදහස, මහජනතාවගේ මූලික අයිතිවාසිකම් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී වගවීම බරපතළ ලෙස අනතුරේ හෙළන බව පෙන්වා දෙමින්, එම පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් ගොනු කර තිබේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජිකයින් වන උදය කලුපතිරණ සහ හනා ඉබ්‍රාහිම් යන මහත්ම මහත්මීන් විසින් පසුගිය ඔක්තෝබර් 16 වැනිදා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

නීතිඥ නිමන්සා මීටියාවෙගොඩ සහ නීතිඥ යශෝධරා ඉල්ලංගසිංහ යන මහත්මීන්ගේ සහාය ඇතිව ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා මඟින් පෙත්සම ගොනු කර තිබේ.

මෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල යන මහත්වරුන් නම් කර ඇත.

***

මාධ්‍ය නිවේදනයයි,

යෝජිත ත්‍රස්ත පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ’ ඇතැම් ප්‍රතිපාදන මගින් මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී වගවීම සහ මූලික අයිතිවාසිකම් අඩපණ විය හැකි බවට අනතුරු අඟවමින්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM) එකී කෙටුම්පතෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් (SC/SD/132/2026) ගොනු කර තිබේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජිකයින් වන උදය කලුපතිරණ සහ හනා ඉබ්‍රාහිම් යන මහත්ම මහත්මීන් වෙනුවෙන් 2026 ඔක්තෝබර් 16 දින නීතිඥ නිමන්සා මීටියාගොඩ සහ නීතිඥ යශෝධරා ඉල්ලංගසිංහගේ සහාය ඇතිව ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල යන මහත්වරුන් නම් කර තිබේ.

පෙත්සම මගින් අභියෝගයට ලක්කර ඇති ප්‍රධාන කරුණු අතරින් මාධ්‍යවේදීන් අවදානමට ලක්වීම ප්‍රධාන වෙි. පනතේ 3(1), 3(2) සහ 9 වැනි වගන්ති යටතේ ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදී ප්‍රකාශන අපැහැදිලි ලෙස අර්ථ දක්වා තිබීම හේතුවෙන්, සාධාරණ මහජන යහපත උදෙසා කෙරෙන ගවේෂණාත්මක වාර්තාකරණයන්හි යෙදෙන මාධ්‍යවේදීන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් සහ කෝටි දෙකක දඩ ඇතුළු බරපතල අපරාධ චෝදනාවලට ලක්වීමේ අවදානමක් පවතින බව පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත.

මූලාශ්‍ර රහස්‍යභාවය අහිමිවීම තවත් අවදානමක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙයි. 15 වැනි වගන්තිය මගින් තොරතුරු වාර්තා නොකිරීම වරදක් කර ඇති අතර, විශ්වාසදායක මාධ්‍ය මූලාශ්‍ර හෝ තොරතුරු හෙළිදරව් කරන්නන් (whistleblowers) ආරක්ෂා කිරීමට ප්‍රතිපාදන නොමැති බැවින් ගවේෂණාත්මක මාධ්‍යවේදය සම්පූර්ණයෙන්ම අඩපණ කරන තත්ත්වයක් මෙමගින් විද්‍යාමාන වේ.

හමුදා බලතල සහ තහනම් කලාප පිළිබඳ ගැටලුව, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මතුකර ඇති තවත් ගැටලුවකි. 19, 20, 24 සහ 61 වැනි වගන්ති මගින් ත්‍රිවිධ හමුදාවට සෙවීම් සහ අත්අඩංගුවට ගැනීමේ පුළුල් බලතල පැවරීමත්, ආරක්ෂක ලේකම්වරයාට තහනම් ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීමට ඉඩ දීමත් නිසා මහජන විරෝධතා සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් වාර්තා කිරීමට මාධ්‍යට ඇති ඉඩකඩ ඇහිරී යන බවටද පෙත්සම්කරුවෝ තර්ක කරති.

මේ හැර නිදහස් මාධ්‍ය ව්‍යාපාර පෙන්වා පෙන්වා දෙන තවත් ගැටලුවක් වන්නේ මෙමගින් සිදුවන

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමය.

ඒ අනුව මෙම පනත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති සමානත්වය, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම,  සහ ජනතාවගේ පරමාධිපත්‍යය බරපතල ලෙස උල්ලංඝනය වන බව පෙත්සම්කරුවෝ තර්ක කරති.

මෙම කරුණු පදනම් කරගනිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මෙම පනත් කෙටුම්පත සම්මත වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර බලයක් මෙන්ම, ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය ද අනිවාර්ය විය යුතු බවයි.
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30543,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘මාධ්‍යවේදීන් ජීවිතාන්තය දක්වා සිරගත වීමේ අවදානමක’- අලුත් පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණයට යයි
‘මාධ්‍යවේදීන් ජීවිතාන්තය දක්වා සිරගත වීමේ අවදානමක’- අලුත් පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණයට යයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEilofYupX3yI-JUSfrKWJvJQA0SlGEAff_Awol5lZku-XIokr42-TIorzBfNZFECemkiq4qKtHYt8GgKhjfQTPYrZLKawS3P_Ux0xI5qT7ryL57KvQde8AsX8Upw-DzNJvZ0THQ_Oo-xTPh3anWFgkbpdKCUeiWFU8pIsoygHZXFNHLENUR0zY2CR9KYGBT/s320/Screenshot%202026-07-11%20081216.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEilofYupX3yI-JUSfrKWJvJQA0SlGEAff_Awol5lZku-XIokr42-TIorzBfNZFECemkiq4qKtHYt8GgKhjfQTPYrZLKawS3P_Ux0xI5qT7ryL57KvQde8AsX8Upw-DzNJvZ0THQ_Oo-xTPh3anWFgkbpdKCUeiWFU8pIsoygHZXFNHLENUR0zY2CR9KYGBT/s72-c/Screenshot%202026-07-11%20081216.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/10/blog-post_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/10/blog-post_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy