බන්ධනාගාරගතව පසුවන පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සතු පැවිදි වස්ත්රය ඉවත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවර අවලංගු කරන ලෙස ඉල...
බන්ධනාගාරගතව පසුවන පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සතු පැවිදි වස්ත්රය ඉවත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවර අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම විභාග කිරීමෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ඉල්ලා අස්වී තිබේ.
බන්ධනාගාර පාලනාධිකාරියේ එකී තීරණය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම සලකා බැලීමේ ක්රියාවලියෙන් තමන් බැහැර වන බව දැනුම් දුන් සභාපති විනිසුරුවරයා, ඒ වෙනුවට එම නඩු කටයුත්ත මෙහෙයවීම සඳහා නව ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට පියවර ගත්තේය.
ඒ අනුව, අභියාචනාධිකරණ විනිසුරු අමල් රණරාජා, විනිසුරු මහේන් ගොපල්ලව සහ විනිසුරු ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත නව විනිසුරු මඩුල්ලක් වෙත අදාළ පෙත්සම විභාග කිරීම සඳහා යොමු කර ඇත.
මේ පුවත තව අයට බලන්න

COMMENTS