දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මහර තත්ත්වය සියයට සියයක් පාලනය වී නෑ...- බස්නාහිර DIG (Photos)

මහර බන්ධනාගාර පරිශ්‍රයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට යම් මට්ටමකට පාලනය කර තිබුණ ද, එහි පාලනය තවමත් සියයට සියයකින් තහවුරු කර නොමැති...

මහර බන්ධනාගාර පරිශ්‍රයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට යම් මට්ටමකට පාලනය කර තිබුණ ද, එහි පාලනය තවමත් සියයට සියයකින් තහවුරු කර නොමැති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතා පවසයි.

පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, බන්ධනාගාරයේ පාලනය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීම සඳහා ආරක්ෂක අංශ තවමත් දැඩි පරිශ්‍රමයක නිරත වන බවයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිසිය, විශේෂ කාර්ය බලකාය මෙන්ම යුද හා නාවික හමුදාවන් එක්ව මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළේය.

"අපි මේ තත්ත්වය යම් මට්ටමකට පාලනය කරලා තියෙන්නේ. නමුත් තවමත් මේක සියයට සියයකම පාලනයක් නෑ. ඒ නිසා විශාල පරිශ්‍රමයක් දරනවා මේක සම්පූර්ණයෙන්ම පාලනය කරගන්න," යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

ආරක්ෂක අංශවල මූලික අරමුණ වී ඇත්තේ කිසිදු ජීවිත හානියක් හෝ තුවාල සිදුවීමක් අවම කරගනිමින් මෙම නොසන්සුන්තාව සමනය කිරීමයි.

මේ අතර, බන්ධනාගාරය අවට ප්‍රදේශයේ තවදුරටත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින්, මහජනතාවට තම නිවෙස්වලට වී සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක අංශ ඉල්ලා සිටී.

බන්ධනාගාරය නැරඹීමට පැමිණීමෙන් හෝ මාර්ගවල රැස්වීමෙන් වළකින ලෙසත්, එවැනි ක්‍රියා ආරක්ෂක අංශවල රාජකාරි කටයුතුවලට දැඩි බාධාවක් වන බවත් සංජීව මැදවත්ත මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


මහර බන්ධනාගාරයේ ඇතුළත 
මේ දැන් ලැබුණු ඡායාරූප





-lankacnews




COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30356,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහර තත්ත්වය සියයට සියයක් පාලනය වී නෑ...- බස්නාහිර DIG (Photos)
මහර තත්ත්වය සියයට සියයක් පාලනය වී නෑ...- බස්නාහිර DIG (Photos)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirGIT2mgkbsrJylhy_NA-rrvFHd2KOrN8GJiNf1ijiB_WET0nJY2GVMrlvijOG3Gh5CAQYIcExJu98Fi1KNqU7IWH-Axz1PTlhZ_WwS1IMBVqh3blpU4mtACUkO96j9Y6phbWfv9UxD6klp5A2N56kBlh7vpBm6LVmzzN_eNxI2-_TJNjvFmV5FFjMHbxk/s320/sanjeewa-madawaththa.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirGIT2mgkbsrJylhy_NA-rrvFHd2KOrN8GJiNf1ijiB_WET0nJY2GVMrlvijOG3Gh5CAQYIcExJu98Fi1KNqU7IWH-Axz1PTlhZ_WwS1IMBVqh3blpU4mtACUkO96j9Y6phbWfv9UxD6klp5A2N56kBlh7vpBm6LVmzzN_eNxI2-_TJNjvFmV5FFjMHbxk/s72-c/sanjeewa-madawaththa.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/08/dig-photos.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/08/dig-photos.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy