දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මර්වින් සිල්වා-රිතු ආකර්ෂා හුටපටයක් අධිකරණයේදී එලියට.. කෝටි ගණන් දේපලත් හෙලිවේ...

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති රුපියල් මිලියන 600කට අධික අයථා වත්කම් උප...

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති රුපියල් මිලියන 600කට අධික අයථා වත්කම් උපයා ගැනීමේ නඩුවට අදාළව අතිශය සංවේදී තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව 'දිනමිණ' පුවත්පත වාර්තා කරයි.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ ලබන අගෝස්තු මස 20 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.

2010 මාර්තු 31 සිට 2012 මාර්තු 31 දක්වා වූ වසර දෙකක කාලය තුළ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින්, සිය නීත්‍යනුකූල ආදායමට වඩා වැඩි ධනස්කන්ධයක් උපයා ගැනීම සම්බන්ධයෙන් ඔහුට මෙම චෝදනා එල්ල වී තිබේ.

අධිකරණ වාර්තාවලට අනුව, මර්වින් සිල්වා මහතා පෑන් ඒෂියා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ පමණක් රුපියල් ලක්ෂ 1823කට අධික ස්ථාවර තැන්පතු 10ක් පවත්වාගෙන ගොස් ඇත. ඉන් එක් තැන්පතුවක වටිනාකම පමණක් රුපියල් කෝටි 6කි.

මීට අමතරව සිය බිරිඳ වන හිටපු මන්ත්‍රීනී මේරි ලුසීඩා සිල්වා, පුත් මාලක සිල්වා, දියණිය සහ බෑණනුවන්ගේ නමින් විවිධ මූල්‍ය ආයතනවල රුපියල් මිලියන ගණනින් තැන්පතු පවත්වාගෙන ගොස් ඇති බවද හෙළිවී තිබේ.

විත්තිකරු විසින් කොළඹ 07 කුරුඳුවත්ත ප්‍රදේශයෙන් රුපියල් මිලියන 71.3ක ඉඩමක් ද, රාජගිරිය නාවල පාරෙන් රුපියල් මිලියන 39.2ක ඉඩමක් ද, කඩවත ප්‍රදේශයෙන් රුපියල් මිලියන 13ක ඉඩමක් ද මිලදී ගෙන ඇති බව නඩුවේදී අනාවරණය වී ඇත.

එමෙන්ම, 1994 වසරේ සිට කුණ්ඩසාලේ ප්‍රදේශයේ රජයේ ඉඩමක් රුපියල් 1,600ක වැනි ඉතා සුළු බදු මුදලකට ලබාගෙන ඇති බවද සඳහන් වේ.

අදාළ වසර දෙකක කාලය තුළ විත්තිකරු විසින් අසාමාන්‍ය ලෙස වාහන 7ක් මිලදී ගෙන තිබේ. ඒ අතර Porsche, Range Rover Sport, Mercedes Benz, Land Rover සහ Hyundai වැනි ඉහළ වටිනාකමකින් යුත් රථ වාහන පවතින බව විමර්ශනවලදී හෙළිවී ඇත.

මර්වින් සිල්වා මහතා සිය ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක් හරහා වසර දෙකකදී රුපියල් ලක්ෂ 42කට අධික මුදලක් වැය කර ඇති අතර, මූලාශ්‍ර හෙළි නොකළ රුපියල් මිලියන 34.7ක ණයක්ද පියවා තිබේ.

තවද, රිතූ ආකර්ශා නැමැති නිළියක වෙනුවෙන් රුපියල් 240,000ක මුදලක් ලබාදීම සහ සිය පවුලේ සාමාජිකයන් වෙනුවෙන් වාර්ෂිකව රුපියල් ලක්ෂ 13ක වාරික ගෙවමින් රක්ෂණ ඔප්පු 6ක් පවත්වාගෙන යාම පිළිබඳවද අධිචෝදනා පත්‍රයේ කරුණු ඇතුළත් වේ.

වසර දෙකක් වැනි කෙටි කාලයකදී රුපියල් මිලියන 485කට අධික ධනස්කන්ධයක් උපයා ගත්තේ කෙසේද යන්න පිළිබඳව ඉදිරි නඩු වාරවලදී වැඩිදුර විමර්ශනය කිරීමට නියමිත බව පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30352,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මර්වින් සිල්වා-රිතු ආකර්ෂා හුටපටයක් අධිකරණයේදී එලියට.. කෝටි ගණන් දේපලත් හෙලිවේ...
මර්වින් සිල්වා-රිතු ආකර්ෂා හුටපටයක් අධිකරණයේදී එලියට.. කෝටි ගණන් දේපලත් හෙලිවේ...
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg09M9tPntKelmBFCNkdU8-mBGA-qscqk-WZSXtbDGCXs9Vte0MkDQNzcqrjadZkjtLezewl0t_bGozWsKXkXKzzbRmXaiPRKO0iqnNhyphenhyphen3MjftXiJmICh9KADWQ59Wy9IeV1ZrzyvMhrTn7o3Qmn15s5uQ-B0GPmoaY2su1_i2NKtpPR689qkB0cxpFNUEB/s320/gefgedfgew.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg09M9tPntKelmBFCNkdU8-mBGA-qscqk-WZSXtbDGCXs9Vte0MkDQNzcqrjadZkjtLezewl0t_bGozWsKXkXKzzbRmXaiPRKO0iqnNhyphenhyphen3MjftXiJmICh9KADWQ59Wy9IeV1ZrzyvMhrTn7o3Qmn15s5uQ-B0GPmoaY2su1_i2NKtpPR689qkB0cxpFNUEB/s72-c/gefgedfgew.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/07/blog-post_544.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/07/blog-post_544.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy