දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

අම්බලන්ගොඩ ඝාතනය – ඝාතකයින් සොයා ගන්නට බැරි තරමට මරණකරු පාතාල කල්ලි එක්ක සම්බන්ධයි… විමර්ශන අංශ කියයි

අම්බලන්ගොඩ සිංගර් ආයතනයේ කළමනාකරුවා ලෙස කටයුතු කළ කෝසල ද සිල්වා ඊයේ  පෙරවරුවේ ඝාතනය කර ඇත්තේ කුමණ පාතාල පාර්ශවයක් දැයි සොයා ගත නොහැකි තරමට...

අම්බලන්ගොඩ සිංගර් ආයතනයේ කළමනාකරුවා ලෙස කටයුතු කළ කෝසල ද සිල්වා ඊයේ  පෙරවරුවේ ඝාතනය කර ඇත්තේ කුමණ පාතාල පාර්ශවයක් දැයි සොයා ගත නොහැකි තරමට ඔහුගේ පාතාලය හා බැඳුණු සම්බන්ධතා සංකීර්ණ බව පොලිස් විමර්ශන අංශවලට පෙනී ගොස් ඇතැයි වාර්තා වේ.

කෝසල ද සිල්වා යනු අම්බලන්තොට නගරාධිපති අපේක්ෂකයා ලෙස පෙනී සිටිමින් පසුගිය පළාත් පාලන මැතිවරණයේ දි සමගි ජන බලවේගයෙන් තරග කළ අයෙකි. ඔහු ඝාතනයට වෙඩික්කරුවන් පැමිණෙන්නේ අද උදෑසන 8.30ට පමණය.

ඝාතන ඉලක්කය සොයා එන වෙඩික්කරුගේ ගිනි අවිය මුල් අවස්ථාවේදී ක්‍රියාත්මක නොවන ආකාරයත්, ඒ සමගම කෝසල ද සිල්වා ඔහු පසුපස හඹා යද්දී සිය ගිනි අවිය මාරු කරගෙන පැමිණි වෙඩික්කරු වෙඩි තබා කෝසල ද සිල්වා ඝාතනය කරන ආකාරයත් සීසීටීවී දර්ශනවල සටහන්ව ඇතැයි විමර්ශන අංශ කියයි.  වෙඩි පහර කෑ පුද්ගලයා එම ස්ථානයේම මිය ගොස් තිබේ. වෙඩික්කරු පලා ගොස් තිබුණු අතර යතුරුපැදිය ආඳාගල ප්‍රදේශයේ මග දමා ගොස් තිබිය දී පොලිසිය විසින් සොයාගෙන ඇත.

කෝසල ද සිල්වා යනු සංවිධානාත්මක අපරාධකල්ලි සමග පැවති සම්බන්ධතා මත අපරාධ විමර්ශන අංශවල අවධානයට ලක් වී සිටි පුද්ගලයෙක් බව අනාවරණය වේ. ඔහුට අපරාධ ඉතිහාසයක් තිබී ඇති අතර 2014 සහ 2015 වසරවලදී සිදු වූ පුද්ගල ඝාතන දෙකකට ද ඔහු ගේ ඇති  සම්බන්ධය විමර්ශන අංශ විසින් අනාවරණය කරගෙන තිබේ. මින් පෙර ජීව උණ්ඩ තොගයක් සමග අත් අඩංගුවට පත් මේ පුද්ගලයා බන්ධනාගාරගතව සිට ඇත.

මොහු සම්බන්ධව බරපතලම සිද්ධිය සටහන් වන්නේ සමයං ඝාතනයට අදාල කළුතර එතනමඬල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියේ දීය. එම අපරාධයේ දී මේ  තැනැත්තා තුවාල ලැබූ අපරාධකරුවන් සඟවාගෙන   ඔවුන්ට ප්‍රතිකාර කිරීම කර ඇති බවත්, එම සිද්ධියට අදාලව ඔහු අපරාධයට ආධාර අනුබල දීම යටතේ අත්අඩංගුවට පත්ව ඇති බවත් විමර්ශන අංශ හෙළි කරයි.

අද සිදුවූ ඝාතනයෙන් පසු  කෝසල ද සිල්වාගේ  ජංගම දුරකථනය අස්ථානගතව තිබිණි.  ඒ පිළිබඳ ඇල්පිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සිදුකළ සොයාබැලීමේදී එය මරණකරුගේ මස්සිනා කෙනෙක් විසින්  එම දුරකථනය සඟවාගෙන සිටියදී සොයාගෙන තිබුණි.

එම දුරකථනය පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ, ඝාතනය වූ න් කෝසල ද සිල්වා සමග  බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ලොකු පැටී නම් අපරාධකරු   ඊයේ (22) රාත්‍රියේත් දුරකථනයෙන් සම්බන්ධවී ඇති බවය.

විශේෂත්වය වන්නේ ඝාතනයට ලක් වූ පුද්ගලයා සමග ලොකු පැටී   පමණක් නොව ඔහුගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන කරන්දෙණියේ සුද්දා  ද   සබඳතා පවත්වා ඇති බව අනාවරණය වීමය.

එමෙන්ම ඔහු කොස්ගොඩ සුජී හා ඔහුගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන ඌරගහ ඉන්දික වැනි අපරාධකරුවන් සමගත් ඔහු සමීප සබඳතා පවත්වා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ. ඔවුන්ගේ කළු සල්ලි  පරිපාලනය මේ තැනැත්තා විසින් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වන්නේ යැයි විමර්ශන අංශ පවසයි.

මේ සංකීරණ ජාලය තුළ  ඝාතනය කුමන පාර්ශ්වයකින් මෙහෙයවූවාද යන්න පිළිබඳ විමර්ශනය කිරීමත් අපහසු තත්ත්වයක් ඇති කර ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ අධීක්ෂණයෙන්, ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ට පොල්ස් අධිකාරී ලකී රන්දෙණිය සහ ගාල්ල අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරාගේ  ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29899,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අම්බලන්ගොඩ ඝාතනය – ඝාතකයින් සොයා ගන්නට බැරි තරමට මරණකරු පාතාල කල්ලි එක්ක සම්බන්ධයි… විමර්ශන අංශ කියයි
අම්බලන්ගොඩ ඝාතනය – ඝාතකයින් සොයා ගන්නට බැරි තරමට මරණකරු පාතාල කල්ලි එක්ක සම්බන්ධයි… විමර්ශන අංශ කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIvHcr1T9FTlJP9_i-ISB8OuilQ8TDdeC118mbL_IkUnY3mXKhUsJnDNjoKuR-m7JJyo9qHSdKX8Dgl6V7Gng3wN1sUpk2aDhVdA3PWyurlLSC_7dgPT1wZ_OxVp60SdfzIW9pgHzGEFqzaK_op2nEI5dvU8uTmePgaPi9EvfhR9r_b1fipggoHRfy4hKj/s320/ambalangoda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIvHcr1T9FTlJP9_i-ISB8OuilQ8TDdeC118mbL_IkUnY3mXKhUsJnDNjoKuR-m7JJyo9qHSdKX8Dgl6V7Gng3wN1sUpk2aDhVdA3PWyurlLSC_7dgPT1wZ_OxVp60SdfzIW9pgHzGEFqzaK_op2nEI5dvU8uTmePgaPi9EvfhR9r_b1fipggoHRfy4hKj/s72-c/ambalangoda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/12/blog-post_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/12/blog-post_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy