හිටපු කතානායක අශෝක රන්වල අනතුරට ලක්වන අවස්ථාවේ සපුගස්කන්ද පොලිසියේ මත්පැන් පානය කොට ඇත්දැයි පරික්ෂා කරන බැලුම් සැබවින්ම නොතිබුණේ ද යන්න මත...
හිටපු කතානායක අශෝක රන්වල අනතුරට ලක්වන අවස්ථාවේ සපුගස්කන්ද පොලිසියේ මත්පැන් පානය කොට ඇත්දැයි පරික්ෂා කරන බැලුම් සැබවින්ම නොතිබුණේ ද යන්න මත දිගින් දිගටම හැප්පීමෙන් පළක් නැතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, එම අවස්ථාවේ පොලිසය සතුව අදාළ බැලුම් නොතිබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළ ද පසුගිය සමයේ සපුගස්කන්ද පොලිසිය බීමත් රියදුරන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන මහර අධිකරණයේ නඩු පවරා ඇතැයි මාධ්‍යෙව්දියකු සඳහන් කළ විට ඊට පිළිතුරු වශයෙනි.
රියදුරෙකු බීමත්ව සිටියේ ද යන්න හඳුනාගත හැකි එකම පරීක්ෂණය බැලුම් පිම්බීම නොවන බවත් ඒ සඳහා තවත් පරීක්ෂණ සිදුකළ හැකි බවත් ඒවා දැනටම සිදුකර ඇති බවත් පෙන්වා දෙන ඇමතිවරයා, අදාළ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි ද සඳහන් කරයි.
එහෙයින් කලබල නොවී තවත් දින කිහිපයක් ඉවසා සිටින ලෙස ද ඇමති නලින්ද ජයතිස්ස ජනතාවගෙන් ඉල්ලා සිටියි. අද (16) කැබිනට් මාධ්‍ය හමුවට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

COMMENTS