නීතීඥ සුනිල් වටගලට මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දුන්නේ ඔහු පක්ෂයට කළ සේවයට කෘතගුණ සැලකීමක් ලෙස සහ විෂය ගැන උගත් අය පක්ෂයේ නොමැත...
නීතීඥ සුනිල් වටගලට මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දුන්නේ ඔහු පක්ෂයට කළ සේවයට කෘතගුණ සැලකීමක් ලෙස සහ විෂය ගැන උගත් අය පක්ෂයේ නොමැති නිසා මිස ඔහු අදාළ විෂය ගැන දන්නා පුද්ගලයෙකු නිසා නොවන බව ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.
ජනාධිපතිවරයා ආපදාව සමග පැනවූ හදිසි නීතිය භාවිතයෙන් ආණ්ඩුව විවේචනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගතයුතු බවට නි. ඇමති වටගල සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුව ඔස්සේ අදාළ ප්‍රකාශය සිදුකර තිබේ.
“පතිරණ කියන එක ඇත්ත වගේ. මේකට මට කියන්න තියෙන්නෙ වටගලය කියන්නෙ කට ඇරියොත් ගිය තැන ගම කන මැට්ටෙක් කියල. ඒක අනුර ජනාධිපති වෙන්න ඉස්සරත් දන්නව, ජනාධිපති උනාට පස්සෙත් දන්නව. මම ඔය හැම එකාගෙම හැටි ගැන ඉස්සර කාළෙ අනුර එක්ක කතා කරල තියෙනව සැරෙන් සැරේ ඉෂූස් මතුවෙන වෙලාවල.
පොර මෙනවද කියල තියෙන නඩු? කස්ප්පු නඩුවක්වත් දිනල තියෙනවද? ප්‍රසිද්ධ නඩු යනකොට සුප්‍රිම් උසාවියට ගිහින් පඩිපෙලේ ඉදන් මාධ්‍යයට වොයිස් කට් දෙන “පඩි පෙලේ ලෝයර්” කෙනෙක් විතරයි වටගල කියන්නෙ.
පොර ඉස්සර එන්නෙ ලෝයර් කෙනෙක් ඉදිරිපත් වෙන්න ඕන නැති පුවත්පත් මණ්ඩලේ නඩුවලට පෙනී ඉන්න විතරයි. ජවිපෙ රාවයට විරුද්ධව පුවත්පත් මණ්ඩලයේ නඩුවක් දැම්ම. රාවයේ හිටපු ප්‍රවෘත්ති කතෘ නැසී ගිය නිව්ටන් අයියයි මායි තමා නඩුවට ගියේ. මොකද ඒ පලවෙච්ච කතාව මගේ නිසා. ජවිපෙන් ආවෙ විමල් වීරවංශයි වටගලයි. විමලුයි මායි එකට වාඩි වෙලා කයිය ගහන් හිටිය. පුවත්පත් මණ්ඩලේ නඩුවකටවත් හරියට පෙනීහිටින්න බැරි පොරක් වටගල කියන්නෙ.
අර පොර නියෝජ්‍ය ඇමතිකමේ දිවුරුම් දුන්න දවසෙ කවුදෝ පොර නොදන්න එකෙක් පොරත් එක්ක ඉදල පාස්පෝට් දුසිමක් අරං ගියා කියල ලැජ්ජ නැතුව මාධ්‍යයට කිව්ව ගොනානෙ මූ. ඒකට පරීක්ෂණයක් කරනව ඒ කරපු අපහාසයට මේ බූරුවට විරුද්ධව. ඔය නියෝජ්‍ය ඇමති කට්ටත් දුන්නෙ ඒ ගොල්ලන්ගෙ පක්ෂයට කරපු සේවයක් නිසා මිසක් නීතිය ගැන හෝ මහජන ආරක්ෂාව ගැන දන්න පොරක් නිසා නෙමෙයි. අනික ඔය පක්ෂයේ ඕව ගැන දන්න මිනිස්සුත් නැති නිසා.
ඒ නිසා තමුන් කට ටිකක් පරිස්සමින් අරිනව. ජනාධිපති ප්‍රසිද්ධියේ කියල තියෙත්දි හදිසි නීතිය ව්‍යසන කළමණාකරනයට හැර කිසිම මර්දන ක්‍රියාවකට යොදාගන්නෙ නැහැ කියල, තමුන් කොහොමද සමාජ මාධයේ ලියන අයව අත්අඩංගුවට අරන් චූදිතයො කරල නඩු දාන්න කියල පොලිසියට කියන්නෙ? තමුන්ද ලොකු හදිසි නීතිය දාපු අනුරද?
වටගලයො මෙතන තියෙන්නෙ 2005 ව්‍යසන කළමණාකරනයට අදාල පනත ක්‍රියාත්මක නොකර ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම ගැන හා ආපදාව හරියට පාලනය නොකිරීම ගැන මිනිස්සුන්ට තියෙන කෝපය මිසක් වෙන එකක් නෙමෙයි. ඒක තේරුම් ගන්නව ඉස්සෙල්ල.”
-emanisa

COMMENTS