පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු විද්‍යුත් පණිවුඩය කිසිදු පදනමක් නැති අසත්‍ය තොර...
පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු විද්‍යුත් පණිවුඩය කිසිදු පදනමක් නැති අසත්‍ය තොරතුරක් බව විමර්ශන මගින් අනාවරණය වී ඇත.
එසේ වුවද, ආරක්ෂක පියවරක් ලෙස එම පරිශ්‍රයට තවදුරටත් විශේෂ පොලිස් රැකවල් යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් තහවුරු කළේය.
ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බැවින් ඊයේ (29 වැනිදා) පස්වරු 2.00 ට පෙර සියලු නිලධාරීන්ට කාර්යාලයෙන් ඉවත් වන ලෙස දන්වමින් පසුගිය 28 වැනිදා විද්‍යුත් ලිපියක් ලැබී තිබුණි.
අදාළ පණිවුඩය පෙරේදා (28) දිනයේම ලැබී තිබුණද, එදින රජයේ නිවාඩු දිනයක් වූ බැවින් කිසිවෙකුගේ අවධානයට ලක් නොවීය.
පසුව ඊයේ (29) උදෑසන සේවයට වාර්තා කළ නිලධාරියෙකු විසින් මෙම විද්‍යුත් ලිපිය දැක තිබේ.
ප්‍රාදේශීය ලේකම්වරියගේ උපදෙස් මත පොලිසිය දැනුවත් කිරීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ, කාර්ය මණ්ඩලය ඉවත් කර දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කළේය.
මේ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය, බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ නිල සුනඛ සංචිතවල සහාය ද ලබා ගැනුණි.
පැය හතරක පමණ කාලයක් පුරා සිදුකළ ඉතා සූක්ෂ්ම සෝදිසි කිරීම්වලදී සැකකටයුතු කිසිවක් හමු නොවූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව මෙය ජනතාව බිය ගැන්වීම සඳහා යොමු කළ ව්‍යාජ පණිවුඩයක් බව නිගමනය කර ඇත.

COMMENTS